Thursday, February 16, 2012

Me May Gaha Yata Dawasak da

මේ මැයි ගහ යට දවසක් දා
වැස්සට අපි උන්නා
රතු කැට වාගේ මැයි මල් පිපි පිපි
අපට හෙවන දුන්නා

මැයි මාසේ එක සැන්දෑ වරුවක
සීතල වැහිපොද වැටෙන වෙලේ
ආදර වියෝවක් සිතින් එබෙන සද
වැහිපොද සේ නෙතු කඳුළු සැලේ

වැහි පොද වැටුනත් ඉස්සර වාගේ
මැයි මල් පිපුනත් රතට රතේ
අප දෙදෙනෙක් නැත අද මා පමණයි
මැයි ගස් සෙවනේ අඳුරු පෙනේ


Thursday, February 9, 2012

Kandulu Bidak Ma wenuwen

කඳුළු බිඳක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයැදින්නට එපා මගෙන්...

කුළුඳුල් සෙනෙහස ඔබගේ
පුදකලදා එකම සිතින්
ඔබ දෙගුරුන් නොපැතූ මා
ලොව තනිවේ නම්

කඳුළු බිඳක් මා...

එක මඟ යනමුත් කිසිදා
හමු නොවෙනා දෙදෙනෙකු නම්
තනිවෙන්නම් සැමදා මා
ඔබ සැනසේ නම්...

Adaraye Ulpatha wuu Amma

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැඟිල්ලේ එල්ලී

සඳ දිය කොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන්
මතකඉමා නැළැවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කල අම්මා

තුරුළට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවදක් මෙන්
සිහි වෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ළබැදී
ගෙන දී දිවියට නව පණ ලැබ දී
මා දැඩි කල අම්මා

ගායනය: වික්ටර් රත්නායක
ගේය පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක