Thursday, February 16, 2012

Me May Gaha Yata Dawasak da

මේ මැයි ගහ යට දවසක් දා
වැස්සට අපි උන්නා
රතු කැට වාගේ මැයි මල් පිපි පිපි
අපට හෙවන දුන්නා

මැයි මාසේ එක සැන්දෑ වරුවක
සීතල වැහිපොද වැටෙන වෙලේ
ආදර වියෝවක් සිතින් එබෙන සද
වැහිපොද සේ නෙතු කඳුළු සැලේ

වැහි පොද වැටුනත් ඉස්සර වාගේ
මැයි මල් පිපුනත් රතට රතේ
අප දෙදෙනෙක් නැත අද මා පමණයි
මැයි ගස් සෙවනේ අඳුරු පෙනේ


Thursday, February 9, 2012

Kandulu Bidak Ma wenuwen

කඳුළු බිඳක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයැදින්නට එපා මගෙන්...

කුළුඳුල් සෙනෙහස ඔබගේ
පුදකලදා එකම සිතින්
ඔබ දෙගුරුන් නොපැතූ මා
ලොව තනිවේ නම්

කඳුළු බිඳක් මා...

එක මඟ යනමුත් කිසිදා
හමු නොවෙනා දෙදෙනෙකු නම්
තනිවෙන්නම් සැමදා මා
ඔබ සැනසේ නම්...

Adaraye Ulpatha wuu Amma

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැඟිල්ලේ එල්ලී

සඳ දිය කොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන්
මතකඉමා නැළැවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කල අම්මා

තුරුළට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවදක් මෙන්
සිහි වෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ළබැදී
ගෙන දී දිවියට නව පණ ලැබ දී
මා දැඩි කල අම්මා

ගායනය: වික්ටර් රත්නායක
ගේය පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක


Monday, January 23, 2012

Sinahala Sindu Kiyana

83 කළු ජුලිය කාලේ දවසක රැ 12 ට විතර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගෙදර දුරකථනය නාඳ වෙනව,,අනිත් පැත්තෙන් කතා කරන්නේ ගුණදාස කපුගේ මහතා..
කපුගේ මහතා කියනවා එක්තරා සඟරාවක නමක් සදහන් කරමින් රත්න කොහොම හරි මේ මාසේ ඒ සඟරාව අරන් කියවන්න කියල..රෑ 12 ට විතර කතා කරලා මේ වගේ දෙයක් කිව්වම එතුමාට පොඩි තිගැස්මක් ඇති වෙන්නත් ඇති..

ඒ සගරාවේ තබුන සුන්දර කෙටිකතාවක් ...

මාතර පැත්තේ සිංහල ගැහැණු ළමයෙක් තමන්ගේ පළමු රැකියා පත් වීම විදියට උප පොලිස් කොස්තාපල් වරියක් විදියට බම්බලපිටිය පොලිසියේ වැඩ බාරගන්නවා,,එතනම යාපනෙනේ ඉඳල ආපු දමිල තරුණයෙකුත් රාජකාරි කරනවා..මුලදී දෙදෙනා අතර ඇතිවෙන හිතවත්කම පස්සේ දළුලා වැඩුණු ආදරයක් බවට පත්වෙනවා.

තරුණයා දමිල වීම හේතුකොටගෙන සාම්ප්‍රදායික ඇතිවෙන විරෝදතාවයන් ගැහැණු ලමයාගේ පැත්තෙන් එල්ල වෙනවත් සමගම ..

අවසාන ප්‍රථිපලය ලෙස දෙදෙනා හොර රහසේම විවාහ වී තරුණයාගේ ගම රට වන තල් රුප්පාවට පලා යනවා.

මේ සුන්දර ආදර කතාව කියවපු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ හිතේ හරි සොදුරු ගී සංකල්පනාවක් උපදිනවා මෙන්න මේ විදියට


සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලි
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල අරඹට ආවදෝ ඉගිල්ලී

දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලට වශී වී
ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී
මධුසමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී

ගිනි අවිත් එක්ක පෙමින් බදුන ව්හඟ සෙනග හාඩාවී
ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී
ආදරය න්ඹට බාරයි රැක ගනින් දේවතාවී



උපුටා ගැනීම :http://www.elakiri.com/forum/showthread.php?t=1313860

Wednesday, December 7, 2011

Samugannado

සමුගන්න දෝ... ආයේ
හමුවෙන්න දෝ
අවසන් හිනාවෙන්ම
වෙන් වෙන්නදෝ...

පෙරදා බැඳී ආදරේ
හිරුසේ ගිලී සාගරේ
මට බෑ ළගින් ඉන්න ගොළු වූ ලෙසේ...
හැමදා සුසුම් ලන්න හැකිදෝ මෙසේ...

සමුගන්න දෝ...

මතුදා දෑතේ වෙලී
පැතුසේ සෙනෙහේ බැඳී
ළංවෙන්න හිනැහෙන්න පෙරසේ මා හා...
කඳුළින් සුසුම් රෙල්ල දියවී ගියා...

සමුගන්න දෝ...