Monday, April 17, 2017

Sonduriya Kalaya Kotharam Napuruda - Amarasiri Peiris | Story behind the Sinhala songs

සොඳුරිය කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොඳුරිය...

පෙරුම් පුරා දුක සේ ගළපා ගත්
කවිය ඔබම වී නැළැවුණු යුගයක
හද ඇඳි ඔබ රුව සිහිනෙකවත් නැත
ඒ රුව කෙතරම් මිහිරිද සොඳුරිය...

ලොවට හොරා විළි ලා බිහිකර ගත්
වසන්තයේ සඳ මියැදුණු දවසක
බෙදා හදාගත් දුක වත් අද නැත
ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය...

පදමාලාව - සමන්ත හේරත්
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගායනය -  අමරසිරි පීරිස්





Gaman Magak Thibunada Me - Rohana Weerasinghe | Story behind the Sinhala songs

ගමන් මගක් තිබුණාද මේ ප්‍රේම චාරිකාවේ...
ගිමන් හලක් හමුවීද මේ ප්‍රේම චාරිකාවේ...

නෙතින් ගැලු කඳුළින් මිදෙන්නට
හිතේ සුසුම් ගිනි දැල් නිවා
ඔබයි මමයි හැමදා හිඳින්නද
ඉරයි හඳයි මියෙනා තුරා...
අපේ පෙම් ලෝකයේ...

ගමන් මගක් විමසා බලන්නට
කෙනෙක් නොවී නෙත් මානයේ
ඔබත් මුලා විය මමත් මුලා වුණි
ඉමක් කොනක් නැති මාවතේ...
විරහ පෙම් මාවතේ ...









පදමාලාව - කුමාරදාස සපුතන්ත්‍රි
සංගීතය - එඩ්වඩ් ජයකොඩි
ගායනය -  රෝහණ වීරසිංහ






Tuesday, March 15, 2016

Handa Mama Udin Yathe - Victor Rathnayake | Story behind the Sinhala songs

හඳ මාමා උඩින් යතේ
අපෙ මාමා බිමින් යතේ...

හඳ මාමයි අපෙ මාමයි දෙන්නා
එක කන්තෝරුවෙ වැඩ කෙරුවේ
දෙන්නට දෙන්නා කිරි පැණි වාගෙයි
කන්තෝරුවෙ නිලතල දැරුවේ...
හඳ මාමා හැම මොහොතෙම ඉදිරියෙ
අනාගතය ගැනමයි බැලුවේ
අපෙ මාමා ඔහෙ කකුල් වන වනා
එදා දවස ගැනමයි හිතුවේ...

දියුණු වන්න වේලාවක් නැති විය
අපෙ මාමා තව පහළ ගියා
රාජකාරි හරි අකුරට ඉටුකළ
හඳ මාමා තව ඉහළ ගියා...
නිතරම තමන්ගෙ අනාගතය ගැන
සිතීම වැදගත් නොවෙද කියා
ආකාසේ ඉඳ තැන්පත් ගතියෙන්
ඇත හඳ මාමා දෙනෙත අයා...




පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: ෆ්‍රෙඩී සිල්වා

Mame Me Bakamuna - HR Jothipala | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4

මාමේ...
මේ බකමූණා හා හා හ්ම් හ්ම් ගෑවා
බිළිඳු නළෝලා... නළෝලා...
මාමේ...
මේ මූ මීමා කන්දෙන් පැන ආවා
බිළිඳු නළෝලා... නළෝලා...
මාමේ...

කිරි මුට්ටිය නුඹෙ ගඟේ ගියා
ගඟ දෙගොඩින් එය ගලා ගියා
නැළවිලි ගී අහලා ඇතේ
ඒවා හරි පරණයි පුතේ
අලුතින් හදලා නැළවිලි ගීයක්
මාමා කියයි නළෝලා...

දොයි දොයි දොයි මගෙ දොයිය පුතේ
දියුණට යන අය දුටොත් පුතේ
කටු ගසනා අය හුඟක් ඇතේ
නුඹ ඒ වැන්නෙක් නොවෙන් පුතේ
මිනිසුන් අතරේ මිනිසෙක් වාගේ
හිටපන් පුතේ සිනා වී...

කළත් විවේචන බොහෝ දෙනා
වැඩක් ඇති වැඩක් කරනු මනා
නොකළොත් කාටත් බොරු වංචා
හොඳ මිනිහෙක් වෙයි මේ පැංචා
තුරුලට ගන්නා නට නට ඉන්නා
නිදියන් පුතේ සමා වී...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
ගායනය : එච්. ආර්. ජෝතිපාල සහ ෆ්‍රෙඩී සිල්වා

Thursday, March 10, 2016

Ada Ipaduna Newum Lowata - Sunil Edirisinghe | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4




අද ඉපැදුණු නැවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න
පතිනි මවුණි බැල්ම හෙලා හද සුව යහනේ රකින්න//

උපන් බිළිදු නහවන්නට රුවන් පිරිත පැන් වඩතී
සිරි මා බෝ පත් සෙළවී මෙත් සිහිළෙන් සුවය දෙති
දහසක් දෙව් බඹුන් නිතින තුන් තිස් පැය තනි රකිති
සද හිරු දෙපසින් අවදිව කල්පයකට ආයු දෙතී
කල්පයකට ආයු දෙතී

සහසක් බුදු වදන් නිතර නැළවිලි ගීයෙන් ගයතී
සිරි දළදා හිමි සරනින් පිහිට ලබා නිදුක් වෙතී
උපන් පුතුට ලෙවන් අතර දහසක් කිරි මවුන් ඇතී
බාල බිලිදු පිළි ගන්නට සමන් දෙවිදු දෝත දෙති
සමන් දෙවිදු දෝත දෙති

ගායනය : සුනිල් එදිරිසිංහ
සංගීතය : රෝහණ වීරසිංහ
පද රචනය : කුමරදාස සපුතන්ත්‍රි