හඳ මාමා උඩින් යතේ අපෙ මාමා බිමින් යතේ... හඳ මාමයි අපෙ මාමයි දෙන්නා එක කන්තෝරුවෙ වැඩ කෙරුවේ දෙන්නට දෙන්නා කිරි පැණි වාගෙයි කන්තෝරුවෙ නිලතල දැරුවේ... හඳ මාමා හැම මොහොතෙම ඉදිරියෙ අනාගතය ගැනමයි බැලුවේ අපෙ මාමා ඔහෙ කකුල් වන වනා එදා දවස ගැනමයි හිතුවේ... දියුණු වන්න වේලාවක් නැති විය අපෙ මාමා තව පහළ ගියා රාජකාරි හරි අකුරට ඉටුකළ හඳ මාමා තව ඉහළ ගියා... නිතරම තමන්ගෙ අනාගතය ගැන සිතීම වැදගත් නොවෙද කියා ආකාසේ ඉඳ තැන්පත් ගතියෙන් ඇත හඳ මාමා දෙනෙත අයා... |
|
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස් තනුව හා සංගීතය: වික්ටර් රත්නායක ගායනය: ෆ්‍රෙඩී සිල්වා |
ගීතයකට වැඩියමක් blog brings you the Story behind the Sinhala songs which have written in 70-90 decades. Story of Sinhala Songs with Lyrics, meaning and music Video from a single blog.
Tuesday, March 15, 2016
Handa Mama Udin Yathe - Victor Rathnayake | Story behind the Sinhala songs
Mame Me Bakamuna - HR Jothipala | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4
මාමේ... මේ බකමූණා හා හා හ්ම් හ්ම් ගෑවා බිළිඳු නළෝලා... නළෝලා... මාමේ... මේ මූ මීමා කන්දෙන් පැන ආවා බිළිඳු නළෝලා... නළෝලා... මාමේ... කිරි මුට්ටිය නුඹෙ ගඟේ ගියා ගඟ දෙගොඩින් එය ගලා ගියා නැළවිලි ගී අහලා ඇතේ ඒවා හරි පරණයි පුතේ අලුතින් හදලා නැළවිලි ගීයක් මාමා කියයි නළෝලා... දොයි දොයි දොයි මගෙ දොයිය පුතේ දියුණට යන අය දුටොත් පුතේ කටු ගසනා අය හුඟක් ඇතේ නුඹ ඒ වැන්නෙක් නොවෙන් පුතේ මිනිසුන් අතරේ මිනිසෙක් වාගේ හිටපන් පුතේ සිනා වී... කළත් විවේචන බොහෝ දෙනා වැඩක් ඇති වැඩක් කරනු මනා නොකළොත් කාටත් බොරු වංචා හොඳ මිනිහෙක් වෙයි මේ පැංචා තුරුලට ගන්නා නට නට ඉන්නා නිදියන් පුතේ සමා වී... |
|
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස් ගායනය : එච්. ආර්. ජෝතිපාල සහ ෆ්‍රෙඩී සිල්වා |
Thursday, March 10, 2016
Ada Ipaduna Newum Lowata - Sunil Edirisinghe | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4
අද ඉපැදුණු නැවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න පතිනි මවුණි බැල්ම හෙලා හද සුව යහනේ රකින්න// උපන් බිළිදු නහවන්නට රුවන් පිරිත පැන් වඩතී සිරි මා බෝ පත් සෙළවී මෙත් සිහිළෙන් සුවය දෙති දහසක් දෙව් බඹුන් නිතින තුන් තිස් පැය තනි රකිති සද හිරු දෙපසින් අවදිව කල්පයකට ආයු දෙතී කල්පයකට ආයු දෙතී සහසක් බුදු වදන් නිතර නැළවිලි ගීයෙන් ගයතී සිරි දළදා හිමි සරනින් පිහිට ලබා නිදුක් වෙතී උපන් පුතුට ලෙවන් අතර දහසක් කිරි මවුන් ඇතී බාල බිලිදු පිළි ගන්නට සමන් දෙවිදු දෝත දෙති සමන් දෙවිදු දෝත දෙති ගායනය : සුනිල් එදිරිසිංහ සංගීතය : රෝහණ වීරසිංහ පද රචනය : කුමරදාස සපුතන්ත්‍රි | |
Subscribe to:
Posts (Atom)