Pages

Monday, July 18, 2011

Sendhe Adura lowa galana welawata

සැඳෑ අදුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනිවුණු ඔබේ සුසුමන් සෙමෙන් විත්
මගේ සවනත පාරයි...//

තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
සරණ විටදි රැය ගෙවෙන තුරාවට...//
මහද සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
එතෙර වන්න නිබඳේ ඒ ලොව වෙත
එතෙර වන්න නිබඳේ...

සැඳෑ අදුර ලොව...

නිමල පැතුම සපුරාගෙන හද තුළ
සිහින ලොවින් නෙත සරණ වෙලාවට...//
අරුණලු නැගෙන පැයේ කුසුමක් වෙමි
ජීවන මල් ගොමුවේ... ඔබේ ආදර
ජීවන මල් ගොමුවේ...

No comments:

Post a Comment