Tuesday, March 15, 2016

Handa Mama Udin Yathe

හඳ මාමා උඩින් යතේ
අපෙ මාමා බිමින් යතේ...

හඳ මාමයි අපෙ මාමයි දෙන්නා
එක කන්තෝරුවෙ වැඩ කෙරුවේ
දෙන්නට දෙන්නා කිරි පැණි වාගෙයි
කන්තෝරුවෙ නිලතල දැරුවේ...
හඳ මාමා හැම මොහොතෙම ඉදිරියෙ
අනාගතය ගැනමයි බැලුවේ
අපෙ මාමා ඔහෙ කකුල් වන වනා
එදා දවස ගැනමයි හිතුවේ...

දියුණු වන්න වේලාවක් නැති විය
අපෙ මාමා තව පහළ ගියා
රාජකාරි හරි අකුරට ඉටුකළ
හඳ මාමා තව ඉහළ ගියා...
නිතරම තමන්ගෙ අනාගතය ගැන
සිතීම වැදගත් නොවෙද කියා
ආකාසේ ඉඳ තැන්පත් ගතියෙන්
ඇත හඳ මාමා දෙනෙත අයා...




පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: ෆ්‍රෙඩී සිල්වා

Mame Me Bakamuna

මාමේ...
මේ බකමූණා හා හා හ්ම් හ්ම් ගෑවා
බිළිඳු නළෝලා... නළෝලා...
මාමේ...
මේ මූ මීමා කන්දෙන් පැන ආවා
බිළිඳු නළෝලා... නළෝලා...
මාමේ...

කිරි මුට්ටිය නුඹෙ ගඟේ ගියා
ගඟ දෙගොඩින් එය ගලා ගියා
නැළවිලි ගී අහලා ඇතේ
ඒවා හරි පරණයි පුතේ
අලුතින් හදලා නැළවිලි ගීයක්
මාමා කියයි නළෝලා...

දොයි දොයි දොයි මගෙ දොයිය පුතේ
දියුණට යන අය දුටොත් පුතේ
කටු ගසනා අය හුඟක් ඇතේ
නුඹ ඒ වැන්නෙක් නොවෙන් පුතේ
මිනිසුන් අතරේ මිනිසෙක් වාගේ
හිටපන් පුතේ සිනා වී...

කළත් විවේචන බොහෝ දෙනා
වැඩක් ඇති වැඩක් කරනු මනා
නොකළොත් කාටත් බොරු වංචා
හොඳ මිනිහෙක් වෙයි මේ පැංචා
තුරුලට ගන්නා නට නට ඉන්නා
නිදියන් පුතේ සමා වී...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
ගායනය : එච්. ආර්. ජෝතිපාල සහ ෆ්‍රෙඩී සිල්වා

Thursday, March 10, 2016

Ada Ipaduna Newum Lowata

අද ඉපැදුණු නැවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න
පතිනි මවුණි බැල්ම හෙලා හද සුව යහනේ රකින්න//

උපන් බිළිදු නහවන්නට රුවන් පිරිත පැන් වඩතී
සිරි මා බෝ පත් සෙළවී මෙත් සිහිළෙන් සුවය දෙති
දහසක් දෙව් බඹුන් නිතින තුන් තිස් පැය තනි රකිති
සද හිරු දෙපසින් අවදිව කල්පයකට ආයු දෙතී
කල්පයකට ආයු දෙතී

සහසක් බුදු වදන් නිතර නැළවිලි ගීයෙන් ගයතී
සිරි දළදා හිමි සරනින් පිහිට ලබා නිදුක් වෙතී
උපන් පුතුට ලෙවන් අතර දහසක් කිරි මවුන් ඇතී
බාල බිලිදු පිළි ගන්නට සමන් දෙවිදු දෝත දෙති
සමන් දෙවිදු දෝත දෙති

ගායනය : සුනිල් එදිරිසිංහ
සංගීතය : රෝහණ වීරසිංහ
පද රචනය : කුමරදාස සපුතන්ත්‍රි
   අද ඉපදුනු මේ හුය බිලිදෙකු නම් මේ ගයන්නේ ඒ බිලිදාට කෙරෙන පලමු ආසිරි යාගයයි. මේ ගැයෙන ආසිරි යාග කව, මේ රටේ උපදනා බිලිදුන් කෙතරම් වාසනාවන්ත ද යන්න අපට රචකයා මනාව අවබෝධ කරන්නේය. අපේ පැරණි උරුමය තුල ඇති ආශිර්වාදය ද, රැකවරණය ද, අපේ සම්, මස්, ඇට , නහර විනිවිදින හැදියාවේ ද, සියළු ම රුව ගුණ රචකයා මෙයින් වර්නනය කරයි.

අද ඉපැදුණු නැවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න..........ආ....ආ....ආ......
පතිනි මවුණි බැල්ම හෙලා හද සුව යහනේ රකින්න......... ආ....ආ....ආ......//

නැග්ග වහාම ගසේ කරුවක් බදු මේ යෙදුම පිලිබදව උකටලීව උන් මම, මෙය රචනාකල කුමාදාස සපුතන්ත්‍රී මහතාණන් මාගේ රෝගියෙකු වන බැවින ම ඇමතුමක් ලබා දුනිමි. මා හට අවැසි වූයේ මේ යෙදෙන සිව් දෙවියන් යනු සතර වරම් දෙවියන්ද, එසේ නම් “සිව් වරම් දෙවියන්” යන්න නොයෙදුවේ මක් නිසාද යන්න පැහැදිලි කර ගැනීමටය. එතුමානන් දුන් පිලිතුරින් මම මා ගැනම විපිළිසර වූයෙමි. එතුමා කිවු ලෙසින් මේ කියන්නේ ධ්‍රත්‍රරාෂ්ඨ, විරූඪ, විරූපාක්ෂ සහ වෙසමුණි යන සතර වරම් දෙවියන් ගැන නොවේ. මේ සිවු දෙවියන් හෙළ සිව් දෙවියන් ය-එනම් නාථ, දෙවොල්, විභීෂණ සහ සමන් බොක්සැල් යන හෙළ සිව් දෙවියන් ය. මගේ ඊළග පැනය වූයේ රසේ නම් දෙවැනි පදයෙන් පත්තින් නම් ඉන්දු දේවතාවියක් කැදවන්නේ ඇයි ද යන්නය. “පුතා, අපට හෙල දෙවිවරුන් මිස හෙළ දේවතාවියන් නැහැ” එතුමා ගේ පිළිතුර විය.

Tuesday, August 4, 2015

Perum Puragena A Sansare

පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැ‍ටුනේ...
කාටද රිදුනේ... කවුරුද හැඬුවේ...
දුම්රිය මොහොතක් නතර වුනේ....

මලක් වගේ රොන් සුවඳ වගේ
ජීවිතයේ සුව අපමන වේ..//
දොලක් වගේ දිය දෝත වගේ
ජීවිතයේ අම සිසිල දැනේ...


පෙරුම් පුරාගෙන.....
වරක් නෙතඟ කඳුලැල් පිරූනාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ..//
දිවිය මොනතරම් සුන්දරදෝ
දුකම කොයිතරම් සතුටක්දෝ





එක හාමුදුරු නමක් ලංකාවේ එක දුම්රියක ගමනක් යමින් උන්නා.. තම ගමන් කෙසේ වුවද තම පෑන අතට ගෙන යමක් ලියන්නට පුරුදුව සිටි හිමි නම ගීත ලියමින් උන්නා. මෙහෙම යන දුම්රිය එකවරම නතර වෙනවා.. 

Wednesday, May 6, 2015

Anna Balan Bera Hadin Udam Wee

අන්න බලන් බෙර හඬින් උදම් වී
දෑත දෙපා සෙලැවෙන අන්දම්
අන්න බලන් උඩු ගුවන් තලේ හිඳ
මාලක්‌කම කැරකෙන අන්දම්

අනන්ත වූ බර හිසින් දරාගෙන
වෙස්‌ තට්‌ටුව පැළඳුව සිරසේ
කුසෙන් නැගෙන ගිනි දැලෙන් වෙලී ගොස්‌
රනේ රුවට නළලත දිළිසේ

අවුල්හැරෙන් ඉණ හැඩෙන් වැසුණු කය
රැඳෙන්නෙ නෑ කෙනෙකුගෙ දෑසේ
දවුල් හඬෙන් තාලමෙන් වැසී ගිය
කනට වෙනින් කිසිවක්‌ නෑසේ

කෙනෙක්‌ අසරණ වුණාම... විඳින හිත් වේදනාව දරාගන්න බැහැ. ජීවිත ගමනේදී අසරණ වන බොහෝ දෙනෙකුට තනිවෙන්නත් සිද්ධවෙනවා. තනිවෙන්නෙ නැහැ. සමාජය විසින් ඔවුන්ව තනි කරනවා. එවිට ඉපිද එන දුක හදවත පැලෙන තරමේ දුකක්‌.

මේ වගේ අසරණ වුණු කීදෙනෙක්‌ විඳින වේදනාව සඟවාගෙන සමාජයට මුහුණ දෙනවාද. හදවතින් විඳින වේදනාව සඟවාගෙන අනෙකා සතුටු කරන කීදෙනෙක්‌ මේ සමාජයේ වෙසෙනවාද....