| මිහිරැති වසන්ත කාලේ කිම ඔබ මෙතෙක් නො ආවේ ගිම්හානයේ ගිලන් වී තනිවීමි වේදනාවේ සිතුවිලි සිතුම් සඳැල්ලේ ළතැවී රැඳී නිදැල්ලේ මිහිරක් කොහෝද ඇත්තේ කිව මැන මටත් වසන්තේ දාහය ගතේ වෙළීලා කඳුළැලි නෙතින් ගලාලා ඈතට ඇදී ගලා යේ සොයමින් ගෙවූ අතීතේ සෙනෙහස ඔබෙන් උදාවූ යුගයකි ගෙවා නිමා වූ | |
| ප්‍රේමය අපට දිව්‍ය ලෝකයේ දොරටු විවර කරන
විට වියෝගය, මරණයේ ගැඹුරු අඳුර තුළ අප වළ දමයි. නිමේෂයක් පාසා තියුණු
සැතකින් අනින්නාක් බඳු වු වේදනාවන් දෙමින් බැඳීම්වල කටුක බව පසක් කරවයි.
ගැඹුරු ආදරය අත්පත් කර ගත්තෝ සිය ආත්මවල ගැඹුරින්ම සංහිඳියාව ස්පර්ශ කරන
විට එසේ නොහැකි වූවෝ සිය ලාලසාවන් වෙනුවෙන් ද ස්මරණයන් වෙනුවෙන් ද වැළපෙති.
ඒ වැළපුමෙහි කඳුළු සිය පන්හිඳෙහි තවරන ප්‍රේමකීර්ති ද අල්විස් තවමත් නො ආ
වසන්තය, වරක් හිමි වි සඳහට ම අහිමි වූ ඒ වසන්තය අමතන්නේ මෙසේ ය. | |
ගීතයකට වැඩියමක්
This blog contain the background of Sinhala songs which have written in 70-90 decades
Tuesday, April 16, 2013
Mihirathi Wasantha Kale
Thani Wennata Mage Lowe Purudu Paluwen
| තනි
වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්... සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදො අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ... මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ සෝ ගීයකි දුක්‌බර වූ සැනසුම කොහි වේදො... |
|
ප්‍රේමයෙන් ජය ලැබුවෝ කී දෙනෙක් ඇත්ද? ඒත් වැඩිපුරම ඉන්නේ
පරාජිත පෙම්වතුන්. ඒක තමයි ඇත්ත. ප්‍රේම කරන එකත් සටනක් වගේ.
අවි ඔසවාගත් සතුරන් කී දෙනෙක් පෙම්වතුන්ට එරෙහිව නැගී
සිටිනවාද? මේ සටනින් ජය ගන්නා එක හරිම අමාරු දෙයක්.
| |
Oba Ma Hamuwu awasan Dine
| ඔබ මා හමු වූ අවසන් දිනේ තාම මා සිතේ රැඳී තියේ කඳුළින් බොඳවූ දෙනුවන් ඔබේ ආදරේක වේදනා දැනේ කොතරම් දවසක් මා ඉන්නදො මේ වගේ දුකක් සිතේ දරා සුළඟේ සැඟවී මා යන්නදො මාගේ ප්‍රියා වී සොයා... මේ විසල් පුරේ ඉන්න රූ ළඳුන් සොයා මා ළඟින් රැඳී උන්න යාලුවන් ගියා මට හොරා වගේ මගේ සිත කොහේ ගියා මාව හැරදමා මසිත ඔබ සොයා ගියා අඩ අඳුරේ සිත වැළපේ සිහිවී ඔබේ ආදරේ... වැලුකා තලේ සිත දිය බිඳක් වගේ ඈත සිතිජයේ ඔබේ රූ මැවී පෙනේ මාසිතේ පුරා සුමුදු සිසිලසක් දැනේ ඔබ සොයා දුවන් එන්න මට නැතේ පිනේ අඩ අඳුරේ සිත වැළපේ සිහිවී ඔබේ ආදරේ... |
|
පෙම්වතුන්ගේ
හිත්වල ඔවුනොවුන් ගැන මැවෙන ආදරය... ප්‍රේමාන්විත සිතිවිලි...
අනන්තයි.... අප්‍රමාණයි.... එකිනෙකා නොදැක ඉන්න කාලය තුළදී
ඉපදෙන ආදර හැඟුම්.. තවත් ඉහළයි.... මේ වෙන්ව සිටිනා කාලය
මාසයක්... අවුරුද්දක්... දෙකක් නම්... හිතන්නත් අමාරුයි...
ඇය ගැන... ඔහු ගැන ඇතිවන ආදරය වගේම හිත් තුළ ජනිත වන දුක...
ඒත් ඒ දෙදෙනා හමුවෙන තුරාවට විතරයි... ඒ දුක ඉන්පස්‌සේ
සතුටක්... ආදරය... මිහිර... නිම්හිම් නැහැ....
| |
Tuesday, April 2, 2013
Lihinin Rena Piya Salanne
| ලිහිණින් රෑන පියා සලන්නේ මන්දාරම් වැහි පොද වැටෙන්නේ රුක්‌මල් හැන්දෑවේ පිපෙන්නේ සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ.. ගඟදිය හඬන්නේ විහඟුන් අහන්නේ නුඹ කොතැනකද කියාලා....// පෙරසේ මා සොයාලා මහදේ ගිනි නිවාලා ගමට එන්න ඇවිත් යන්න රත්තරන්... මට හිමි මනාලී පිට ගං ගියාවේ විරසක නොවෙන් කියාලා...// සංසාරේ කොහේ හෝ ඉපදී මුණගැහීලා වෙන් නොවෙන්න පෙරුම් පුරමු රත්තරන්... |
|
ප්‍රථම ප්‍රේමය... කාටත් හරිම සුන්දර මතකයක්.... ප්‍රේමයෙන් ජය ලැබූවන් ඉන්නවා... ඒත් ප්‍රථම ප්‍රේමයෙන් ජය ලැබූ අය.... අල්පයි. පළමු ප්‍රේමය බොහෝ විට තාවකාලිකයි.... හරියට සේපාලිකා මලක් වගේ.... ආයුෂ කෙටියි.... කඳුළක් වගේම ඒ වේදනාව පසු කාලයේදී මිහිරක්. | |
Apasu Yannata Para Kiyanawada
| ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ළඟයි ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි... යොදුන් ගණන් දුර ආවෙද පසුකර මල් මාවතක නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ කල්ප කාලයක් පෙරුම් පිරූවේ හෙට සමුගන්න නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ |
|
ආදරේ වැඩි වෙන්න වැඩිවෙන්න පෙම්වතුනට එකිනෙකා ගැන සැක සිතෙනවා. ඒ සැකයන්ගේ කිසිම ඇත්තක් නෑ. ඒ බව ඔවුනොවුන් දන්නවා. ඒත් දෙදෙනාටම දෙදෙනා කෙරෙහි ඇති බැඳීම, ආදරය වැඩි වෙන්නත් මෙය බලපානවා... සමහර වෙලාවටම ආදරය වේදනාවෙන් නිම වෙන්නෙත් මේ සැකය නිසායි. තමන් ආදරය කරන පෙම්වතියගේ හැසිරීම් රටාව.. ඇගේ දෙමව්පියන්ගේ ප්‍රතිචාර නිසා ඈ තමා හැර යන්නට සූදානම් බව පෙම්වතාට හිතෙනවාර අනන්තයි අප්‍රමාණයි. ඒත් ඒක සැකයක් විතරයි. | |
Subscribe to:
Posts (Atom)












