Pages

Friday, August 5, 2011

Ipadunu da ma hada watennethi


ඉපදුණු දා මා හඬා වැටෙන්නැති
අම්මේ ඔබ හිනැහෙන්න ඇති...
දෙතනේ කිරි දී මා සනසන්නැති
අම්මේ ඔබ හිනැහෙන්න ඇති...

බඩ ගා දණ ගා මා නැගිටින්නැති
වැටි වැටි යළි නැගිටින්න ඇති..
අම්මේ ඔබ හිනැහෙන්න ඇති...

මට නැගිටින්නට ඔබ අත දෙන්නැති
අම්මේ මා සිප ගන්න ඇති...
අම්මේ ඔබ හිනැහෙන්න ඇති...

වන්දි ගෙවන්නට අද මට පිං නැති
බුදුන් වඳින ලෙස වඳිමි වැටී
ඔබ මතු බුදු බව ලබනු ඇති...

No comments:

Post a Comment