| රෑ වැඩ මුරය අවසන් වන කණිසමට නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට අරුණළු කැරලි වැටෙනා සඳ අලුයමට නුඹේ ලොවට රෑ වෙයි පෙර කළ පවට තුන් තිස් පැයේ දෑගිලි නිදි වරන්නේ නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ මල් විය නොවෙද මේ දිය කර හරින්නේ මැෂිමද තිත ද මහ හයියෙන් අඩන්නේ නුඹෙ කඳුළැලි ද සයුරේ රැලි නගන්නේ හද සුසුමන්ද පවනක් වී හමන්නේ තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ |
|

No comments:
Post a Comment