Showing posts with label Pandith Amaradewa. Show all posts
Showing posts with label Pandith Amaradewa. Show all posts

Thursday, July 13, 2023

Adara Hengum - Pandith Amaradewa | Story behind the song | Lyrics | Meaning

ආදර හැඟුම්//
නුපුරුදුයි මට නුපුරුදුයි
ඒ හැඟුම් ආදර හැඟුම්
කිති කවයි හද කිති කවයි
ඒ හැඟුම් ආදර හැඟුම්

සැදෑ අඳුරේ සැලෙන තරු එළි
මගේ හද තුල කරයි විමසිලි
නැගෙන ගණදුර වඩයි සිතුවිලි
මේ මගුල් රෑ බි‍ඳෙයි ඉවසිලි

කිමද ඔබ මල් කුමරියන්නේ
පෙතිවිදා සතුටින් නො ඉන්නෙ
රහස නැතිවද මං නොදන්නෙ
තුරුලෙ බඹරුන් නොවෙද ඉන්නෙ


ගී පද : දයානන්ද ගුණවර්ධන
තනුව : සෝමදාස ඇල්විටිගල
ගායනය : ආචාර්ය පණ්ඩිත් අමරදේව







Sunday, June 25, 2023

Thattha Wunath Ma Batha Sari Karana - Pandith Amaradewa | Story behind the Sinhala songs

තාත්තා වුනත් මා බත සරිකරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින ...

මට පෙර උරුම ආලය දරුකැලට දෙමින්
රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්
ඔබ දුටු මුල් දිනේවත් හදනොනැඟි පෙමින්
උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්

බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ
අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිබඳ
අම්මා කෙනෙක් මිස නුඹ මගෙ බිරිඳ ලෙස
නොහැගේ ලඟින් හිඳ මගේ හිසසිඹින සඳ

තාත්තා වුනත් මා බත සරිකරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින ...

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ



Sunday, January 14, 2018

Mindada Hee Sara - Pandith Amaradewa | Story behind the Sinhala songs

මින්දද හීසර වැදී සැළෙන හද
නංවන දුක් ගී ඔබට ඇසෙනවද
නන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන් සඳ

මින්දද හීසර වැදී සැළෙන හද.....

තුරඟෙකු පිට නැගි නීල වලාකුළු
ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ //
පිබිදුනු දෑසින් බලා හිඳිමි මම //
කුසුම් සිනා කැන් හද පුරවා

මින්දද හීසර වැදී සැළෙන හද.....

මෙතුවක් කල් මුව මඬල වසා සිටි
අන්ධකාර සළු පටින් මුදා //
නෙත් මිණි පහනින් පහන් කරනු මැන //
අනාගතේ මන් පෙත පාදා

මින්දද හීසර වැදී සැළෙන හද .....

ගායනය - පණ්ඩිත් අමරදේවයන්



Tuesday, May 16, 2017

Sada Tharunihadai Gahakola Nisalai - Pandith Amaradewa | Story behind the Sinhala songs

සඳ තරු නිහඬයි
ගහකොළ නිසලයි
මුලු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා....

පියා නුවන් යුග නිවා හැඟුම් සිත
සැතපෙන්නට වෙර දරන පැයේ
පාලුව ත‍නිකම කුටියට අවුදින්
හදවත අවදි කළා...

මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර
සිහිනයකින් මෙන් ගලා රැයේ
සෙනෙහස හඬවා මතකය ඉකි බිඳ
හදවත අවදි කළා....

ගායනය : ඩබ්. ඩී. අමරදේව
සංගීතය : එච්. එම්. ජයවර්ධන
පද රචනය : කුලරත්න ආරියවංශ




Saturday, August 20, 2011

Kandulu Kathawe...

කඳුළු කතාවේ නිමක් දුටුව දා
සිහින ලතාවේ මලක් පිපුණ දා...//
සතුටු ගඟක් ගැලුවා
හදට හදක් බැදුණා...

ආසිරි චාමර පවන්  සැලී
සෝ දුක් සංකා  සෙමින් මැකී...//
දෙගුරුන් මිතුරන් සුපැතුම් මැද්දේ
අපේම ලොව අපි තනි වූවේ...

කඳුළු කතාවේ...

සුසුමක පා කර හසුන් යවා
දෙතැනක තනිවී හඬා දොඩා...//
ගෙවුණු අතීතෙන් අප සමුගත්තෙමු
අලුත් ලොවක රන් කිරුළු දරා...

කඳුළු කතාවේ