Showing posts with label Gunadasa Kapuge. Show all posts
Showing posts with label Gunadasa Kapuge. Show all posts

Wednesday, September 12, 2012

Oba Pem Karana Obe Kumari

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරේ කියා තිබේ...

සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක
රඟහල කෙළවර අඳුරු නිමේෂක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ
පෙර දවසක මා තුරුළට වී හිඳ
මටද ආදරේ කියා තිබේ...

සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස්‌ ගොළුවී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරේ කියා තිබේ...




Sunday, April 1, 2012

Unmada Sithuwam Mawe Bide

උන්මාද සිතුවම් මැවෙ බිඳේ
මීදුම් වලා මැද අතීතයේ
බිඳුණු පෙමින් ගිනිගත් හදවත්
තනි වේවි එක් ටැම් ගේ

අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
පාළු හුදෙකලා සුළඟ පමණි උරුමේ
හඬා වැටෙන සිත සඳා සරණ මට
තනි වේවි එක්ටැම් ගේ

උන්මාද සිතුවම්...

දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එමල කිමද සරදම් කර සැඟව ගියේ
දැනේ තවම මට මලේ සුවඳ පොද
තනි වේවි එක්ටැම් ගේ

උන්මාද සිතුවම්...





Tuesday, March 20, 2012

Dawasak Pela Nethi hene

සියුම් ස්වරයෙන් පටන්ගෙන විලාපයකින් අවසන් වන මේ ගීතයේ එසේ විලාප ගැසීමට හේතුවක් තියෙනව.. හේතුව තමා දැන් හැමදේම තේරුනත් කරන්න දෙයක් නෑ . මොකද සියළුම සිදුවීම් වෙලා ඉවරයි. සිහිවෙනවිට දැනෙන වේදනාව පමණයි ඉතිරිව තියෙන්නෙ.

"දවසක් පැල නැති හේනේ

අකාල මහ වැහි වැටුනා"

පැලක් නැති හේනක් කියන්නෙ ඒ හේනට කිසිම ආරක්ෂාවක් නෑ. (ඇත්තටම රන්බංඩා සෙනෙවිරත්නගෙ මව මේ හේන්වල තියෙන ගස්වල ඉතිරිවෙලා තියෙන එළවලු කඩල කන්න දීල තියෙනවලු ) පියා නැති පුවලකටත් ඒ වගේ තමා. වැහි අනවශ්යය කාලෙට වැහි වැටෙනව වගේ කිසිම හේතුවක් නැතිව අම්මට එතකොට නින්දා අවමාන, අගහිගකම් එන්න පටන්ගත්ත.



"තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ"
එහෙත් මව ඒ සියලු දුක් කරදර තමා විද ගනිමින් තම දරුවාට ඒ බාධක දැනෙන්න දුන්නෙ නෑ. 



"පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ"


මෙහි "හිටි පියවර හිටියා" යන්නෙන් අර්ථවත් කරන්නෙ ලමය හරිතැනකට ඇවිත් ජීවිතේ දිහා බලනකොට ලමය හිතනව මම මේ තැනට එනකල් අම්ම "දෙවන වර විවාහයක්" නොවී නොකර ජීවිතයේ එකම අරමුණ සේ මාව සලකල නේද කියල.

ඔන්න එහෙම හිටපු පුතා ලොක්කෙක් වෙලා නගරයට එනව අම්ම එහේ දාල. පුතා උස් මහත් වෙලා අම්මා තනිකර නගරයට යාම ව්යංුගයෙන් හගවන්නෙ, මොකද නුවර ඉන්නකොටනේ ගැහැණියෙක් සෙනෙහසක් ගැන කියන්නෙ.



" නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා


බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ


ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ


"

කසාද බැදල අම්මටත් වඩා ගෑනිව ලොකු කරගෙන හිටිය.... හැබැයි ගෑනි කියන්නෙ කවුද කියල තේරුම් ගන්න , ගෑනිගෙ ආදරේ අම්මගෙ ආදරේට වඩා අඩුයි කියන්න ගොඩක් කාලයක් ගියා.... හරියට යෝධ ඇලේ බැම්ම වගේ... මොකද සැතපුමක් ගියාම තමා තේරෙන්නෙ අගලක බැස්මක් මේකෙ තියෙනව කියලා......යෝද ඇල වතුර ගලනව කියල පේන්නෙ නෑ. සැතපුමක් ගියාම තමා තේරෙන්නෙ ගලනව කියල. බිරිදත් එහෙමයි වෙනස් වෙනව තේරෙන්නෑ. කාලය ගෙවිල ගියාමයි තේරෙන්නෙ බිරදත් මවත් අතර වෙනස සහ ප්රිශ්ණ වලදි අගහිගකම් වලිද බිරිද තමාව තනිකරල වෙනතක ගිහින් තියෙන හැටි.

කොහොම හරි දැන් බිරිද මෙහෙම වෙනස් උනාම තමන්ට අර පරණ සෙනෙහස මතක් උනා. අම්මව සිහි උනා. කසාදයක කරගන්නැතිව, තමා ලොකු වෙනකල් දුකක් නොදී බලාගත් අම්මලගට ... ඒ සෙනෙහස ආරක්ෂාව සොයාගෙන යන්න ඕන.. යන්න හිතෙනව...


මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ

ඒත් නගරයේ ඉදල එන මාව බලන්න අම්ම ඉදිකඩ ලග වෙනද වගේ ඉන්නෙ නෑනේ.. මොකද අම්ම මේ ලෝකෙ අතහැරල ගිහින්... ඒකයි ලොකු අදෝනාවකින් අවසන් කරන්නෙ...


උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showpost.php?p=11900149&postcount=85 
දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැටුනා
තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ

කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ

Monday, January 23, 2012

Sinahala Sindu Kiyana

83 කළු ජුලිය කාලේ දවසක රැ 12 ට විතර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගෙදර දුරකථනය නාඳ වෙනව,,අනිත් පැත්තෙන් කතා කරන්නේ ගුණදාස කපුගේ මහතා..
කපුගේ මහතා කියනවා එක්තරා සඟරාවක නමක් සදහන් කරමින් රත්න කොහොම හරි මේ මාසේ ඒ සඟරාව අරන් කියවන්න කියල..රෑ 12 ට විතර කතා කරලා මේ වගේ දෙයක් කිව්වම එතුමාට පොඩි තිගැස්මක් ඇති වෙන්නත් ඇති..

ඒ සගරාවේ තබුන සුන්දර කෙටිකතාවක් ...

මාතර පැත්තේ සිංහල ගැහැණු ළමයෙක් තමන්ගේ පළමු රැකියා පත් වීම විදියට උප පොලිස් කොස්තාපල් වරියක් විදියට බම්බලපිටිය පොලිසියේ වැඩ බාරගන්නවා,,එතනම යාපනෙනේ ඉඳල ආපු දමිල තරුණයෙකුත් රාජකාරි කරනවා..මුලදී දෙදෙනා අතර ඇතිවෙන හිතවත්කම පස්සේ දළුලා වැඩුණු ආදරයක් බවට පත්වෙනවා.

තරුණයා දමිල වීම හේතුකොටගෙන සාම්ප්‍රදායික ඇතිවෙන විරෝදතාවයන් ගැහැණු ලමයාගේ පැත්තෙන් එල්ල වෙනවත් සමගම ..

අවසාන ප්‍රථිපලය ලෙස දෙදෙනා හොර රහසේම විවාහ වී තරුණයාගේ ගම රට වන තල් රුප්පාවට පලා යනවා.

මේ සුන්දර ආදර කතාව කියවපු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ හිතේ හරි සොදුරු ගී සංකල්පනාවක් උපදිනවා මෙන්න මේ විදියට


සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලි
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල අරඹට ආවදෝ ඉගිල්ලී

දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලට වශී වී
ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී
මධුසමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී

ගිනි අවිත් එක්ක පෙමින් බදුන ව්හඟ සෙනග හාඩාවී
ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී
ආදරය න්ඹට බාරයි රැක ගනින් දේවතාවී



උපුටා ගැනීම :http://www.elakiri.com/forum/showthread.php?t=1313860