Showing posts with label Punsiri Soysa. Show all posts
Showing posts with label Punsiri Soysa. Show all posts

Tuesday, August 14, 2012

Egodath Megodath Gam Yakarala - Punsiri Soysa | Story behind the song | Lyrics | Meaning


එගොඩත් මෙගොඩත් ගම් යා කරලා
පාලම සදා බලා සිටින්නේ
ඔබ මා වෙත පිය නගන තුරා

පෙර ලෙස අබලන් ඔරුවේ නැගලා
එගොඩට යන්නට ඇයිද සිතන්නේ
සිහිය විකල් වූ කෙනෙකු නියා

මල්බර තුරුලිය පීදෙන කෙත් වතු
අපහට ආසිරි පවසනු වැන්නේ
වඩිනු මැනවි පා සලඹ සළා

ගී පද : තු. ව. කුසුමපාල
තනුව : ස්ටැන්ලි එම් ප්‍රනාන්දු
ගායනය : පුන්සිරි සොයිසා




Tuesday, September 13, 2011

Me bus newathuma - Punsiri Soysa | Story behind the song | Lyrics | Meaning


මේ බස් නැවතුම පෙර හැම දිනකම
අප හමුවන හැටි දැන උන්නේ...
මා තනිවුණු බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ...

ඉස්සර හවසට මා එනතුරු ඔබ
මෙතනම සිටියා දෙනෙත අයා
එකම රියක නැග එකම අසුනේ හිඳ
ගිය හැටි මතකයි තවම එදා...

මේ බස් නැවතුම...

ප්‍රේමය නිමවුණු මා අද තනියම
රියකට මෙතැනින් ගොඩ වෙනවා
ඒ රියහිම ඔබ තව කෙනෙකුන් ළඟ
එකම අසුනෙ ඉඳගෙන යනවා...

මේ බස් නැවතුම...

ගී පද : චන්ද්‍රදාස ප්‍රනාන්දු
තනුව : අශෝක පීරිස්
ගායනය : පුන්සිරි සොයිසා




Friday, August 5, 2011

Adura Nasannata Pahanak lesa delwee - Punsiri Soysa | Story | Lyrics | Meaning

අඳුර නසන්නට
පහනක් ලෙස දැල්වී
හත්දිනත් තරු
පොකුරේ ඔබ සැඟවේ...

මට අහිමිව යන ඔබේ සිනා කැකුලයි
සමු ගන්නට බැහැ සිතේ හැඟුම් සසලයි
සිත් රිදවන්නට සෙනෙහස මෝදු වෙලා
අපි දෙන්නා අද දෙතැනක නතර වෙලා

දෙසිතක සැඟවුණු සෙනෙහස මතක තියේ
හඬා වැටෙන්නට අපි නොදරුවන් නොවේ
මට දුන් සවියම ඔබට සවිය වේවා
තහනම් බැමි නැති ලොවකදි හමුවේවා

ගී පද : ඒ ඩී එස් ඉන්ද්‍රාණි
තනුව : ප්‍රියා සූරියසේන
ගායනය : පුන්සිරි සොයිසා