Showing posts with label Nanda Malini. Show all posts
Showing posts with label Nanda Malini. Show all posts

Sunday, July 9, 2023

Ruwal Iri Giya Nawkawe - Nanda Malini : The Story Behind the Song, Lyrics, Meaning, Video

රුවල් ඉරී ගිය නෞකාවේ - නියමුවාණනේ
නොගිලී දළ රළ පෙළ අතරේ - මා හා යා නොහැකිය ගොඩ බිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ

දෝතට එක්කල වැසි දිය පොවමින් - පවසට
ඉරුණු රුවල් රෙදි දවටා සදමින් - උණුසුම
මා රැක ගත් ඔබ රැක ගත යුතුවේ- අද දින
දියඹේ නවතිමි යනු මැන පෙරමග - තනිවම............

සුන්බුන් නැව් බද දියබත් වී යයි - හෙමිහිට
අත්හල මැන දැන් මෙතුවක් මට බැදි සෙනෙහස
දෑස පියාගෙන මා බිලි දී දිය - ගැඹරට
ගැලවී යනු මැන මේ විපතින් සිත - දැඩි කොට...........

ගී පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : මර්වින් පෙරේරා
ගායනය : විශාරද නන්දා මාලිනි







වර්තමාන පවුල් සංස්ථාවේ ආර්ථික අගාධයක වැටෙන පවුලක ගැහැණිය විවාහය අතැර යන ලෙසට කරන අයැදීමක් ද මේ........මේ විවාහ සංස්ථාව ආර්ථික අගාධයේ ගිලෙමින් පවතී. එය රුවල ඉරී ගිය නෞකාවකි. දළ රල අතරින් ඇදී යා නොහැක. විසදුම එය ගිලෙන්නට ඉඩ දී නෞකාව හැරයාමය. කෙදිනකවත් දෙදෙනාටම ගොඩ බිමක් බලා යා නොහැක.......

Sunday, July 2, 2023

Thun Hele Kele Thula Sinha Petaw - Nanda Malini | Story behind the Sinhala songs

තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව්
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
විලි වැද යති දැක හෙළයන්...

සරු පොළොව මකා තණ කබල කකා
සිංහයෝ සිඟති එතෙරින්
සිහ රදුනට දාවූ සිංහ පැටව්
තුටුවෙද අනුනගෙ ඉදුලින්...

අප ධජයේ ඉන්නා සිංහ පැටව්
පැනයන්නට පෙර මෙරටින්
පිට රටුන් දොරින් දොර සිඟා නොකා
සිත අලස සුවය දුරරින්...

ගී පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : මර්වින් පෙරේරා
ගායනය : විශාරද නන්දා මාලිනි







Ruk Aththana Mala Mudune - Nanda Malani | Story behind the Sinhala songs

රුක් අත්තන මල මුදුනේ - බඹරු නටන හැන්දෑවේ
සැඳෑ අඳුර පියමං කර
කවුරුද එන්නේ - පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ...

මුතු පිනි දැල් සැලෙන උදේ - උදා දිමුතු හිරු එළියේ
පුතු සවනට රහස් කියා - පියමං කරලා...
අප වෙනුවෙන් දවස ගෙවා
වෙහෙසී එන්නේ...

පතොක් වැටිය උඩින් වැටී - දිවයුරු මියයන මොහොතේ
පුරා හඳක් සේ ඈතින් - කවුරුද එන්නේ...
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ...

ගායනය හා තනුව: විශාරද නන්දා මාලනී
ගේය පද: මහින්ද අල්ගම




Tuesday, March 12, 2013

Lowama Epa Wee - Nanda Malani

ලොවම එපා වී ලොවම කලකිරී
තැවී දැවී හිඳිනා වේලේ...
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ...


අසා අසෝබන නින්දා ගැරහුම්
වැළහින්නක සේ වැලපෙන මොහොතේ
පවනේ පාවෙන ඔබේ සුවඳකින්
පිපාසිත වූ හද සිහිලැල් වේ


ලබා නොමිනිසුන් නගනා ගෙරවුම්
මුවැත්තියක සේ බියපත් මොහොතේ
සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
මුළුගැන්වුණු සිත උණුසුම් වේ....
 
 

ගී පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : මර්වින් පෙරේරා
ගායනය : විශාරද නන්දා මාලිනි