බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ මගෙ අම්මා වත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ මා ගෙලලූ බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ අනේ ස්වාමිනි මා ගෙල ලන්නට ඉඩ නම් දෙන්න එපා ගෙලවැලලූවොත් මගෙ මළ කඳ අම්මට පෙන්නන්න එපා ඇතිදා ලඟ උන් මිතුරන් මතු සසරෙදි හමු වෙන්න එපා නැති දා ලඟ උන් බුදු අම්මේ නුඹ දුක් ගිනි ගන්න එපා නොදැන කෙරූවත් වරද වරදමයි නැත කිසි දිනක සමා මරණයෙ දොරකඩ සිට ඔබ පා යුග සිඹ සමු ගනිමි මෙමා කෙළිලොල් කම් පිරි මා සතු දිවිමග දැන් දැන් වේවි නිමා මරණ බයක් නෑ අම්ම සිහිවෙයි..................................... ... බුදු හාමුදුරුවො වැඩියා වාගෙ පින්බර ස්වාමිනේ දුක හිතිලයි මා හිරගෙට ආවෙ පුතුගේ මරණ දිනේ දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගෙ පුතුය අනේ මතු උපදින දා මගෙම පුතු වෙයන් හොඳ මිනිසකු ලෙසිනේ ගායනය : සනත් නන්දසිරි/මල්කාන්ති නන්දසිරි සංගීතය : සනත් නන්දසිරි පද රචනය : සනත් නන්දසිරි |
|
ගීතයකට වැඩියමක්
This blog contain the background of Sinhala songs which have written in 70-90 decades
Saturday, June 13, 2020
Budu Hamuduruwo Wediya Wagei
Viyo Wu Pasuwai Denenne
වියෝවු පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඩුදා කදුළයි දකින්නේ සිනහවේ සරදම් වියෝවු පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඩුදා කදුළයි දකින්නේ සිනහවේ සරදම්... ඉවුරු දෑළේ හිද බැලුවිට ගග හැඩයි කදිමයි, දියටවන් විට එවන් ගගුලම බිහිසුණුයි, චන්ඩයි... වියෝවු පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඩුදා කදුළයි දකින්නේ සිනහවේ සරදම්... හදක් නැතිදා අහස්තලයට තරුවදේ සැනසුම්, පුන්පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්.. වියෝවු පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඩුදා කදුළයි දකින්නේ සිනහවේ සරදම් වියෝවු පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඩුදා කදුළයි දකින්නේ සිනහවේ සරදම්... ගායනය : සුනිල් එදිරිසිංහ සංගීතය : රෝහණ වීරසිංහ පද රචනය : බන්ධුල නානායක්කාරවසම් |
|
Mudu Muhune Suwa Denune
මුදු මුහුණේ සුව දැනුනේ ප්‍රිය ලඳුනේ මට විතරද ඔබෙ සුසුමේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතරද මුදු මුහුණේ සුව දැනුනේ ප්‍රිය ලඳුනේ මට විතරද ඔබෙ සුසුමේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතරද පුළුලුකුලේ සුව යහනේ නිදි වැරුවේ මන් විතරද පුළුලුකුලේ සුව යහනේ නිදි වැරුවේ මන් විතරද උර තලයේ හිස රන්දා සුව වින්දේ මන් විතරද මුදු මුහුණේ සුව දැනුනේ ප්‍රිය ලඳුනේ මට විතරද ඔබෙ සුසුමේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතරද ඉඟ නෙරියේ රැළි බින්දේ ප්‍රිය ලඳුනේ මන් විතරද ඉඟ නෙරියේ රැළි බින්දේ ප්‍රිය ලඳුනේ මන් විතරද ඉඟ නෙරියේ රැළි සැදුවේ හිමි සඳුනේ මගෙ විතරද මුදු මුහුණේ සුව දැනුනේ ප්‍රිය ලඳුනේ මට විතරද ඔබෙ සුසුමේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතරද පදමාලාව - මහින්ද දිසානායක සංගීතය - රෝහණ වීරසිංහ ගායනය - කරුණාරත්න දිවුල්ගනේ/ දීපිකා ප්‍රියදර්ශනී පීරිස් |
|
Kandu Pamula Sita
කඳු පාමුල සිට දැහැනට සමවැද මා ගයනා ගී ඔබට ඇසෙනවද කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන ආල වඩන සඳ කිඳුරු ලියේ මිටියාවත් කඳු ශිඛර සිසාරා සඳ බැස යන තුරු අවර වන පෙතේ ඔබ කිව් රහසින් මා සැලුනේ නැත ඔබ අන් සතු බව මා දැන සිටියෙමි ඇල දොල ගංගා සයුර සිසාරා ඉර නැග එන විට පෙරඹර අහසේ ඔය නෙතු කැල මෙන් මා සැලුනේ නැත ඔබ අන් සතු බව මම දැන සිටියෙමි ගායනය : ආත්මා ලියනගේ පද රචනය : සරත් ගුණරත්න සංගීතය : කාලෝවා විජේසිරි |
| |
Sunday, January 14, 2018
Sayurak Nodutu Gangulak
සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නේ නෑ වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නේ නෑ // කඳුලක් නොසැලු නෙතකින් හසරැල් සොයන්නෙපා // ලැබුනත් බිඳුනු හදකින් සෙනෙහස සොයන්නෙපා සයුරක් නොදුටු .......... සිසිලක් නොමැති අහසින් වැසි දිය යදින්නෙපා // ලැබුනත් බිඳුනු හදකින් සෙනෙහස සොයන්නෙපා සයුරක් නොදුටු .......... // ගායනය - සුනිල් එදිරිසිංහ |
|
Subscribe to:
Posts (Atom)