Friday, July 14, 2023

Suhadiniye Sagawan - Amarasiri Peiris | Story behind the song | Lyrics | Meaning

සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්

දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා
සද වනියේ නුඹ නම්-සැනකෙළියයි මගෙ නම්
කවියන් ගේ දෑසේ රස සීමා පණිනා
සිහිනෙක් රෑ අවුදින් - සුවදක් සේ ළග හුන්
සංවරියේ රන් තිත කෝ මා පානනා
සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා

වාත්තු කර ඇති දේහ තලාවට හේත්තු වෙන්න ද හෙවනැල්ලෙන්
කාන්ති ඉහිරෙන නයන ඉනාවට සාන්තුවර සිත හීදැල්ලෙන්
හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ
දග මෙනෙවිය ඔබ මා වල්මත් කළ අරුමැසියයි මෙලොවේ

සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා

වීණා බද වට කැරකෙන වරලස අණ දෙන හෘද ස්ඵන්දනයෙන්
සුසුමේ රිද්මයට ම රග දෙයි ඔබ මගේ පෘථග්ජන සිතුවිල්ලෙන්
හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ
රතු නළගන මගේ හිත අවතැන් කළ එකම ළදයි මෙලොවේ

සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා
සිහිනෙක් රෑ අවුදින් - සුවදක් සේ ළග හුන්
සංවරියේ රන් තිත කෝ මා පානනා
සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා

ගී පද : කැලුම් ශ්‍රීමාල්
තනුව : සංගීත් වික්‍රමසිංහ
ගායනය : අමරසිරි පීරිස්







ඇත්තට ම එතරම් ජනප්‍රිය නොවුනත්, සුභාවිත ගීතයක ලක්ෂන අතින් නම් මේ ගීතය පවතින්නේ පළමුවැන්නට වඩා ගව් ගානක් ඉදිරියෙන්. බලන්න මේ සිංහල භාෂාවේ මාධුර්යය නොවේද?

කැළුම් මේ ගිතයට මේ මුළු කතාන්දරයම ඇතුලත් කරගන්නේ නාටිකාංගනාවක මේ ගීතය තුළට ගෙන ඒමෙන්. ඇය මේ පුද්ගලයා ගේ මුළු සිහිනයම අත්කරගෙන සිටින ආකාරය සැනකෙළියයි මගෙනම්, සිහිනෙන් රෑ අවුදින්-සුවදක් සේ ළග හුන් වැනි පද තුලින් අතිහය රමණිය සහ භාවාත්මක ලෙසට ගෙන එනවා.

එපමණක් නොවේ, ඇය පිළිබද ව ඇති රාග නිශ්‍රිත හැගීම් ද අතිශය චමත්කාර ජනක ලෙස කැළුම් දක්වන්නේ වීණා බද වට කැරකෙන වරලස වැනි අතිශය රමණිය සහ භාවාතිශය යෙදුමක් මගිනුයි.

කවදාවත් ගීතයක හමු නොවූ මේ යෙදුම් දෙස බලන්න

"වාත්තු කර ඇති දේහ තලාවට හේත්තු වෙන්න ද හෙවනැල්ලෙන්"
"කාන්ති ඉහිරෙන නයන ඉනාවට සාන්තුවර සිත හීදැල්ලෙන්"
"වීණා බද වට කැරකෙන වරලස"
"මගේ හිත අවතැන් කළ"
"සැනකෙළියයි මගෙ නම්"

ඇත්තෙන් ම මෙවන් රචනාවක් කැළුම් වැනි ජනප්‍රිය ගීත කලාවේ රචකයෙකු අතින් බිහිවීම විශ්මය දනවන ක්‍රියාවකි. මොන තරම් මනරම් ද මේ භාෂා මෙහෙයවීම......අපේ මනස තුළ මේ නළගන ගේ චිත්තරූප මැවෙන ලෙස මේ ගායනය ද, පද රචනය ද, ඒයට ම ගැලපෙන "ලැටිනෝ" තාලානු රූප සංගීත් වික්‍රමසිංහයන් ගේ සංගීතයද වෙත අප ගේ ප්‍රසාද පූර්වක ආචාරය පිරිනැමිය යුතුය.

මූලාශ්‍රය: elakiri.com

No comments:

Post a Comment