Wednesday, May 6, 2015

Anna Balan Bera Hadin Udam Wee - Edward Jayakodi | Story behind the Sinhala songs

අන්න බලන් බෙර හඬින් උදම් වී
දෑත දෙපා සෙලැවෙන අන්දම්
අන්න බලන් උඩු ගුවන් තලේ හිඳ
මාලක්‌කම කැරකෙන අන්දම්

අනන්ත වූ බර හිසින් දරාගෙන
වෙස්‌ තට්‌ටුව පැළඳුව සිරසේ
කුසෙන් නැගෙන ගිනි දැලෙන් වෙලී ගොස්‌
රනේ රුවට නළලත දිළිසේ

අවුල්හැරෙන් ඉණ හැඩෙන් වැසුණු කය
රැඳෙන්නෙ නෑ කෙනෙකුගෙ දෑසේ
දවුල් හඬෙන් තාලමෙන් වැසී ගිය
කනට වෙනින් කිසිවක්‌ නෑසේ

ගී පද: බණ්‌ඩාර ඇහැළියගොඩ
තනුව: රෝහණ වීරසිංහ
ගායනය: එඩ්වඩ් ජයකොඩි



කෙනෙක්‌ අසරණ වුණාම... විඳින හිත් වේදනාව දරාගන්න බැහැ. ජීවිත ගමනේදී අසරණ වන බොහෝ දෙනෙකුට තනිවෙන්නත් සිද්ධවෙනවා. තනිවෙන්නෙ නැහැ. සමාජය විසින් ඔවුන්ව තනි කරනවා. එවිට ඉපිද එන දුක හදවත පැලෙන තරමේ දුකක්‌.

මේ වගේ අසරණ වුණු කීදෙනෙක්‌ විඳින වේදනාව සඟවාගෙන සමාජයට මුහුණ දෙනවාද. හදවතින් විඳින වේදනාව සඟවාගෙන අනෙකා සතුටු කරන කීදෙනෙක්‌ මේ සමාජයේ වෙසෙනවාද....

Re Ahase Tharuketa Paya Diluna - Athma Liyanage | Story behind the Sinhala songs

රෑ අහසේ
තරු කැට පායා දිලුනා...
මා තනි වී
සිතිවිලි සයුරේ වෙලුනා...

ඔබේ සුමුදු අත මා අත් පටලා
තරු දහසක්‌ පායා ඇති දිනයක
පියමං කෙරුවා පෙර අප දෙදෙනා
තරු කැට අතරේ රැඳී දිලෙනවා
සිතට දැනෙනවා...

තරු එළියක්‌ වී දෙනෙතට වැටිලා
සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා
ආදරයෙන් අප පියමං කෙරු හැටි
තරුකැට මා මතකයට ගෙනෙනවා
සිතට දැනෙනවා...

පදමාලාව - ප්‍රේමලාල් උඩුමුල්ල
සංගීතය - ආත්මා ලියනගේ
ගායනය - ආත්මා ලියනගේ



තරු පායා ඇති රැයක නිසොල්මනේ...... මොහොතක්‌ අහස්‌ කුස දෙස බලා සිටින්න. හරියට පුංචි පුංචි මල්වලින් හැඩ දැමූ කලු පැහැති පළසක්‌ වගේ...... එහෙමත් නැතිනම් මල්වත්තක්‌ වගේ..... අහස අන්ධකාරයි. ඒත් තරුවලට බියෙන් අන්ධකාරය සැඟවිලා.

කෙතරම් සුන්දරද....... තරු පිරි අහස දෙස බලාසිටිද්දී හිතේ ඉපදෙන හැඟුම්....... සමහර වෙලාවට ප්‍රේමණීයයි. තවත් වෙලාවකට කලාත්මකයි.

Sitha Oba Pamula Radawa - Deepika Priyadarshani Peiris | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4

සිත ඔබ පා මුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා.

අසුරු සැනක්‌ වූ රුසිරු අතීතය
සිහිනෙන් ගෑ මුදු සුවඳක්‌ සේ
සදා රැඳේවා...
ඔබේ ලොවේ...

ඔබට පිදුම් වූ සිතක විරාගය
කැටපත් පවුරක ගීයක්‌ සේ
සදා රැඳේවා...
ඔබේ හදේ...

පදමාලාව - කුලරත්න ආරියවංශ
සංගීතය - 
රෝහණ වීරසිංහ
ගායනය - 
දීපිකා ප්‍රියදර්ශනී පීරිස්‌



ආදරයෙන් බැඳී සිටි දෙදෙනෙක්‌ වෙන් වුණොත් ..... සිතට දැනෙන වේදනාව කියා නිම කරන්න බැහැ. මේ බිඳී සුනු විසුණු වන්නේ ප්‍රථම ප්‍රේමය නම්..... වේදනාව තවත් වැඩියි.

බිඳුණු පෙමක වේදනාවේ අන්තය බොහෝ විට වෛරයයි. ආදරයයි වෛරයයි අතරේ වෙනස හරියට කෙස්‌ ගසක්‌ වගේ කියලයි කවියෝ කියන්නේ. මේ වෛරය හරිම දරුණුයි. පෙම්වතා පෙම්වතියගෙන් වෙන්වුණොත් පෙම්වතිය පෙම්වතාට වෛර කරනවා. පෙම්වතිය පෙම්වතාගෙන් වෙන්වුණොත් පෙම්වතා පෙම්වතියට වෛර කරනවා.