Showing posts with label Shirley Waijayantha. Show all posts
Showing posts with label Shirley Waijayantha. Show all posts

Sunday, June 3, 2012

Ran Dholwen Kendawa yami mama


ඈත ක්ෂිතිජයෙ හැඩට රුවින්
දිලෙන තරුව ඔබ නම්
මේඝ වලා සළු පට අතරින්
මම ඔබ වෙත එන්නම්

ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
අපි ඉමු පිලිසඳරේ
රන්දෝලවෙන් කැඳවා යමි මම
කුමරිය ඔබ මාගේ......

සඳළුතලාවේ මුණින් තලා වී
කඳුළැල් පිරුණු නෙතින්
සමුගන්නම් මම කුමරිය ඔබගෙන්
ආයෙ දකිනු රිසින්.....

Friday, August 5, 2011

Ma sitha Miyuru kalpana


මා සිත මියුරු කල්පනා
රස පද වැලක පෙරළුනා
මිහිරියෙ ඔබට බැඳුනු ප්‍රේමයේ නමින්
නැවුම් සිතක ඔබට බැඳුනු ප්‍රේමයේ නමින්...

රුවැති මලක් මඳ සුළගේ සැලෙන සැටි සිතා
බඹර තුඩක් මල් පෙති මත ලියයි පෙම් කතා
ඔබට කෙලෙස අමතන්නද නොහැක ගනු සිතා
දයබරව ඔබට ලියමි සෙනෙහසක් පතා...

මා සිත මියුරු කල්පනා...

රණමයුරෙක් මයුරියකගෙ රැඟුම ගැන සිතා
තුඩින් තුඩග බැඳුනු පෙමක් අගෙයි ගනු සිතා
ඔබ අමතන මෙවන් පතක පිළිතුරක් පතා
දැනගන්නට මා රිසියෙන් කිමද ගත් සිතා..

Monday, July 4, 2011

Mata epa Obe hasareli Bidhak

මට එපා ඔබේ හසරැලි බිදක්
හද වේදනා දෙනවා
මට එපා ඔබේ දෙනුවන් කැළු
හද වේදනා දෙනවා

සිහින ලොවේ මා අද තනි වෙනවා
සිතුවිලි සයුරු තෙරේ
නුඹට කාරි නැත මගේ දුකට මං
ගී පද වැල් ලීවේ...

මට එපා ඔබේ...

මතු දිනයකදී මාගෙන් සමුගෙන
ඔබ ඉවතට යනවා
අපේ මතකයේ බිදුවක් ඔබ හට
තිබුනොත් සෑහෙනවා...

මට එපා ඔබේ...