Tuesday, August 4, 2015

Perum Puragena A Sansare - Senanayake Weraliyadda | Story behind the Sinhala songs

පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැ‍ටුනේ...
කාටද රිදුනේ... කවුරුද හැඬුවේ...
දුම්රිය මොහොතක් නතර වුනේ....

මලක් වගේ රොන් සුවඳ වගේ
ජීවිතයේ සුව අපමන වේ..//
දොලක් වගේ දිය දෝත වගේ
ජීවිතයේ අම සිසිල දැනේ...


පෙරුම් පුරාගෙන.....
වරක් නෙතඟ කඳුලැල් පිරූනාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ..//
දිවිය මොනතරම් සුන්දරදෝ
දුකම කොයිතරම් සතුටක්දෝ

ගී පද: මහකණුමුල්ලේ වජිර හිමි
තනුව: සේනානායක වේරලියද්ද
ගායනය: සේනානායක වේරලියද්ද







එක හාමුදුරු නමක් ලංකාවේ එක දුම්රියක ගමනක් යමින් උන්නා.. තම ගමන් කෙසේ වුවද තම පෑන අතට ගෙන යමක් ලියන්නට පුරුදුව සිටි හිමි නම ගීත ලියමින් උන්නා. මෙහෙම යන දුම්රිය එකවරම නතර වෙනවා.. 

ටික වෙලාවක් ගියා.. ටිකකින් එම මැදිරියේ සිටිය මිනිසුන් කිහිප දෙනෙක් බැහැලා යනවා ඉදිරියට.. ඔහොම ගිහින්.. සුලු මොහොතකින් යලිත් මැදිරියට ඔවුන් ගොඩවෙන අතර, දුම්රිය නැවතත් ගමන් අරඹනවා.. යන දුම්රියේ වීදුරුව තුලින් මේ හාමුදුරුසු නමට පෙනෙන්නේ එක තැනක සෙනග වටවී සිටින වගත්... ඉතින් උන්වහන්සේ අර එම ස්තානයට ගිය මිනිසෙකුගෙන් විමසනවා මේ ගැන.. 

"කෙල්ලෙක් කෝච්චියට පැනලා හාමුදුරුවනේ.. වැඩක් නෑ ගන්න දෙයක් නෑ.." 
 "අනේ මෙහෙමත් ළමයි. ජීවිතය බාල්දු කරනවා.. හේතුවක් ඇති මොකක් නමුත්" 

එහෙම කියන හිමිනම යලිත් තම පොත අතට ගෙන එහි යමක් ලියන්නට වෙනවා. ටික මොහොතකින් මෙය නිමා වෙනවා.. එහි මෙහෙම සඳහන් වෙනවා..

Source : elakiri.com

6 comments:

  1. මෙම විශිෂ්ට පද රචනය සිදු කල හිමි නම කවරෙක්ද ?

    ReplyDelete
    Replies
    1. කවීකීර්ති හිමි

      Delete
  2. මහකණුමුල්ලේ වජිර

    ReplyDelete
  3. මල් පබා ගීතයේ තේරුම පුලුවන්නම් දාන්න...

    ReplyDelete
  4. diyawanna kumariye sinduwe meaning ekath liyanna puluwanda

    ReplyDelete
  5. Maha kanu mulle wajira

    ReplyDelete