මගෙ සිත මගෙන් අසාවී - ඔබ ගැන කුමක් කියම්දෝ...
මට වේදනා නොදුන්නැයි - කීවත් කුමක් කියයිදෝ
ඔබ මට දුකක් නොදී යයි - කීවත් කුමක් කියයිදෝ
මා හද ලෙයින් ලියූවත් - ලොව මට කුමක් කියයිදෝ
මුළු ලොව මගෙන් අසාවී...
ඔබ ගැන කීවා නොකීවත් - මිනිසුන් සිනා නොවෙයි දෝ...
ඔබ නිවැරදියි කියූවත් - මිනිසුන් කතා නොවෙයි දෝ...
ඔබ යළි මගේම වූවත් - මිනිසුන් කුමක් කියයිදෝ
No comments:
Post a Comment