එදා මෙදාතුර කඳුලට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා...
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා...
දෑස් කවුළුපත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්....
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගෙ හිතටති ඔබ සුවඳයි
ඈත්නොවේමෑයි ඒ සුවඳින්...
ඊයේ ඉපදී අද මියයන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ...
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත...
ඇයි මේ ලොව මා තනිව ගියේ...
ආයේ දවසක එක හිත් ඇත්තන්
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ.....
ගායනය / තනුව: සනත් නන්දසිරි
ගී පද : විමල් ජයශාන්ත |
|
විමල් ජයශාන්ත ගැන පොඩි විවාදයක් ටික කාලයකට කලින් තිබුන.
ReplyDelete