ඔබට සිත ආදරේ කරයි - දෙතොල ගොළුවී සිටියි
නැගුනු සෙනෙහේ කියනු බැරිවී
මගේ සිත වේදනා විඳියි...//
ලවන් හසකැන් නුවන් කැල්මන් - හොඳින් හඳුනන්නෙ ආදරේ
නුවන් රැහැනින් බැඳෙන්නට පින් - නොමැතිදෝ මා කෙරේ
මගේ විජිතේ සිනා නොමැකේ - විඩාපත් වේද ජීවිතේ
ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ - නවාතැන් වේද මාවතේ
ඔබේ පෙම් ලොල් හදේ නොකැලැල් - ලැගුම් සොයමින් නුවන් අයා
යොවුන් බිඟුදැල් හෙලූ හසරැල් - මසිත සුසුමන් දවා ගියා
මගේ විජිතේ සිනා නොමැකේ - විඩාපත් වේද ජීවිතේ
ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ - නවාතැන් වේද මාවතේ
මතකයෙන් ඉවත්ව නොයන මෙම මියුරු ගීය ගැන ගැන යමක් දැනගන්නට ලැබීම සතුටට කරුණක්.
ReplyDelete