හඳ මාමා උඩින් යතේ
අපෙ මාමා බිමින් යතේ...
හඳ මාමයි අපෙ මාමයි දෙන්නා
එක කන්තෝරුවෙ වැඩ කෙරුවේ
දෙන්නට දෙන්නා කිරි පැණි වාගෙයි
කන්තෝරුවෙ නිලතල දැරුවේ...
හඳ මාමා හැම මොහොතෙම ඉදිරියෙ
අනාගතය ගැනමයි බැලුවේ
අපෙ මාමා ඔහෙ කකුල් වන වනා
එදා දවස ගැනමයි හිතුවේ...
දියුණු වන්න වේලාවක් නැති විය
අපෙ මාමා තව පහළ ගියා
රාජකාරි හරි අකුරට ඉටුකළ
හඳ මාමා තව ඉහළ ගියා...
නිතරම තමන්ගෙ අනාගතය ගැන
සිතීම වැදගත් නොවෙද කියා
ආකාසේ ඉඳ තැන්පත් ගතියෙන්
ඇත හඳ මාමා දෙනෙත අයා...
|
|
No comments:
Post a Comment