Wednesday, August 22, 2012

Suwada Mata Dee Pata Thewaru - Chandana Liyanarachchi | Story | Lyrics | Meaning

එක්තරා ගැමි තරුණයෙකුට සිද්ධවෙච්ච සත්‍ය සිද්ධියක් පාදක කරගෙන ගෙතුනු ගීතයක් ගැන අහන්න ලැබුනා. ඒ ගීතය රචනා කරනු ලැබූවේ ප්‍රකට ගීත රචිකාවියක් ලෙස අප කවුරුත් හදුනන යමුනා මාලනී මහත්මියයි. ඔහු ගොවිතැන තම ජීවිකාව කරගත් අහිංසක තරුණයෙක්. අගහිඟකම් නිසා කුඩා කාලෙම පාසල් ගමනට ආයුබෝවන් කියූ ඔහු ගොවිතැන්, කුලීවැඩ ක‍රල තමයි ජීවත්වෙලා තියෙන්නේ. ඔහුගේ පෙම්වතියත් ඔහු වගේම දිළිඳු කෙනෙක්. නමුත් ඔහු අධ්‍යාපනයේ අගය වටහාගෙන තිබුන නිසා තම පෙම්වතියගේ අධ්‍යාපනය නවත්වන්න ඉඩ නොදී දිගටම ඒ සඳහා තමන් දහදිය මහන්සියෙන් හම්බකළ දේ වියදම් කලා. තමන් නොදැකපු ඒ සුන්දර ලෝකය තමන්ගේ පෙම්වතිය තුලින් දකින්නයි ඔහු සැමදාම සිහින දැක්කේ. ඒ මහත්වූ කැපවීම විසින් ඇයව සරසවිය කරා ඔසවා තබනු ලැබූවා. ඔහු, ඇගේ සරසවි වියදම් පවා දරා තිබුනා. නමුත් අධ්‍යාපනයෙන් දියුණුවෙත්ම තම පෙම්වතාගේ තත්වය ඇයට මදි වුනා. ඇය ටිකෙන් ටික ඔහුව මඟ ඇරලා තිබුනා. මේ සිද්ධිය යමුනා මාලනී පෙරේරා මහත්මිය ම පෞද්ගලිකවම හමුවෙලා ඔහු කියල තිබුනා. ඔහුට තමන්ගේ ගමට ගියත් මතක් වෙන්නේ මේ සිද්ධිය යි. අනෙක් අය අත්විඳින ස්වභාව සෞන්ධර්යය අත්විඳින්න ඔහුට දැන් බෑ. මේ සිද්ධිය ඔස්සේ තමයි එතුමිය, චන්දන ලියනආරච්චි මහත්මයා ගායනා කරන "සුවඳ මට දී" කියන ලස්සන ගීතය රචනා කරලා තියෙන්නේ.




සුවඳ මට දී පාට තැවරූ
මල අරන් පිටවී
මා රැවටුවා මලවී
ඒ මලත් මැලවී
ආදරේ මල ආයෙමත් පරවී

සුවඳ මට දී...

කුරුළු ගීතය වී
පෙම් ස්වරය මට ඇසුනී
කුරුළු සර ගොළුවී
මිහිමතේ තුරු කඩා වැටුනි

සුවඳ මට දී...

ගඟට නාදය වී
ඔබ ගලනවා ඇසුනි
සයුර නොම හමු වී
අතරමග සිදෙනවා දුටිමි

සුවඳ මට දී...

ගී පද : යමුනා මාලනී
තනුව : රෝහණ වීරසිංහ
ගායනය : චන්දන ලියනාරච්චි



1 comment: