Saturday, August 13, 2011

Mage Atheetha diwiye

මාගේ අතීත දිවියේ
සැමරුම් මැකී මැකී
කුමරි ඔබේ සිනාවේ
කොහේදෝ මුලාවී...

මාගේ කුමාර කාලේ
සෙනෙහේ අතීතයේ
පෑයූ සුපුන් සඳක් වාගේ
අප්සරාවියේ
ඇයිදෝ වෙනස් වුණේ මහදේ
වේදනා මවා...

මාගේ අතීත...

අපගේ පැතුම් විමානේ...
වෙන්වීලා එක්වුනේ
භවයෙන් භවේ පැතූ අපගේ
ආදරේ නිසා...
කාලේ ලඟ වුණා ආයේ
වේදනා නිවා...

Tharu Pipuna Gana Ahasa

තරු පිපුණ ගණ අහස මම නමි
ඒ අහසේ පුරා හඳ වෙන්න සුදු රුවනි
වැසි නොවට මරු කතර මම නම්
ඒ පොළොවේ දිය බිඳුව වෙන්න සුදු රුවනි

හද පෙළෙන චණ්ඩ රළ මම නම්
ඒ නදියෙ නිසල දිය වෙන්න සුදු රුවනි
ප්‍රේමය අහිමි හඳ මගේ නම්
ඒ හඳට ආදරය දෙන්න සුදු රුවනි

නෙතු පෙළෙන කැල්මේ
සිනා සඳ පානේ...
ඔබ ඇවිත් මගෙ ලගින් ඉන්නවා වගේ දැනෙයි...
ඒ බලන බැල්මේ හදක හසරැල්ලේ
අපි හඩින් බැඳුණු වග ලෝකයා නොම දනී...

තරු පිපුණ...

ජීවිතය අතරේ ආදරය නැවතී
පෙම් කවක් සදාතන හදට කොඳුරාවී
මේ ගී ගායනා ආල හද වේදනා
මහ බඹුන් හෙට දිනේ අප නමින් ලියා වී...
තරු පිපුණ ගණ....

Friday, August 12, 2011

Dewa dara gas athare - Vijaya Kumarathunga | Story behind the Sinhala songs

දෙවදාර ගස් අතරේ
එබී බලන සඳවතියේ
මාත් එක්ක මේ පාරේ
ආයෙ එන්නේ නෑ
මින් පස්සේ මං විතරයි
ඈ එන්නේ නෑ...

පුංචි ළදැරියක වාගේ
මා සුරතේ දැවටීලා...
එ කාලේ ඈ ආවා ඔබත් දන්නවා...

දෙවදාර ගස් අතරේ...

මියුරු සරින් ඇය මා හා
තෙපළු ඒ ප්‍රාර්ථනා...
සුළගේ පාවී ගියදා මා තනි වුවා


ගී පද: ආනන්ද පද්මසිරි
තනුව: නිමල් ගුණසේකර
ගායනය: විජය කුමාරතුංග


Sonduru Atheethaye nimala pethuma wee - T M Jayarathne | Story behind the Sinhala songs


සොඳුරු අතීතයේ
නිමල පැතුම වී...
මගෙ හදතුළ ඔබ ඉන්න ඇති...
ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමු වෙන්න ඇති...

කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද...
බවය පුරා ළඟ ඉන්න ඇති...
එදත් මගේ සිත අද මෙන් කැපවී
ඔබේ නමට පුද දෙන්න ඇති...

නොසැලී නොතැවී බාධක හමුවේ
ආ හින්දා ජය ගන්න ඇති...
ආත්ම ගණන් පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමුවෙන්න ඇති...

සොඳුරු අතීතයේ...

ගී පද: මාලනී ජයරත්න
තනුව: රෝහණ වීරසිංහ
ගායනය: ටී එම් ජයරත්න


Friday, August 5, 2011

Ipadunu da ma hada watennethi


ඉපදුණු දා මා හඬා වැටෙන්නැති
අම්මේ ඔබ හිනැහෙන්න ඇති...
දෙතනේ කිරි දී මා සනසන්නැති
අම්මේ ඔබ හිනැහෙන්න ඇති...

බඩ ගා දණ ගා මා නැගිටින්නැති
වැටි වැටි යළි නැගිටින්න ඇති..
අම්මේ ඔබ හිනැහෙන්න ඇති...

මට නැගිටින්නට ඔබ අත දෙන්නැති
අම්මේ මා සිප ගන්න ඇති...
අම්මේ ඔබ හිනැහෙන්න ඇති...

වන්දි ගෙවන්නට අද මට පිං නැති
බුදුන් වඳින ලෙස වඳිමි වැටී
ඔබ මතු බුදු බව ලබනු ඇති...