Saturday, August 20, 2011

Obe Sina Laga Netha newthuna da

ඔබේ සිනා ළග
නෙත නැවතුන දා
ඔබේ කත ළඟ
සිත නැවතුන දා
ප්‍රේමය හැදින්නෙමි...//
මේ ලෝ තලයේ...

කුමටද උපමා ඉතිහාසේ උන්
ප්‍රේමවන්තයන්ගේ...
කුමටද ආදරයේ පෙම් සැමරුම්
පෙම් පාරාදීසෙන්...
ඉමක් කොනක් නැති ආකාසේ
තරු පායා එන සේමා...
ඉමක් නිමක් නැත
පෙම් හදවත් තුළ
පෙම් සිතුවිලි බෝමා...


Hitha Gawa daga kala

හිත ගාව දඟ කළා නෙතු ගාව හිනැහුණා
පැතුමකට ඉඟි කළා...
හදක ආරාධනා...

සන්සුන්වූ කල්පනා විජිතයේ පා වුණා
ඔබේ සෙනෙහස ගෙනා... මිහිරි ආරාධනා...
මල් පිපුණ තාරකා... විමානේ තනි වුණා...
හැගුම් මංමත් කළා... සුසුම් ආරාධනා...

හිත ගාව දඟ කළා...

සිනිඳු මල් පෙති පුරා... බඹර ගී ලියැවුණා...
සිව් නෙතක් ළං කළා... ඔබේ ආරාධනා
කුරුළු ගී පාවුණා... නිල් ගුවන් ගැබ පුරා...
වසත් කල ළං කළා ස්නෙහ ආරාධනා...

හිත ගාව දඟ කළා


Kandulu Kathawe...

කඳුළු කතාවේ නිමක් දුටුව දා
සිහින ලතාවේ මලක් පිපුණ දා...//
සතුටු ගඟක් ගැලුවා
හදට හදක් බැදුණා...

ආසිරි චාමර පවන්  සැලී
සෝ දුක් සංකා  සෙමින් මැකී...//
දෙගුරුන් මිතුරන් සුපැතුම් මැද්දේ
අපේම ලොව අපි තනි වූවේ...

කඳුළු කතාවේ...

සුසුමක පා කර හසුන් යවා
දෙතැනක තනිවී හඬා දොඩා...//
ගෙවුණු අතීතෙන් අප සමුගත්තෙමු
අලුත් ලොවක රන් කිරුළු දරා...

කඳුළු කතාවේ


Saturday, August 13, 2011

Mage Atheetha diwiye

මාගේ අතීත දිවියේ
සැමරුම් මැකී මැකී
කුමරි ඔබේ සිනාවේ
කොහේදෝ මුලාවී...

මාගේ කුමාර කාලේ
සෙනෙහේ අතීතයේ
පෑයූ සුපුන් සඳක් වාගේ
අප්සරාවියේ
ඇයිදෝ වෙනස් වුණේ මහදේ
වේදනා මවා...

මාගේ අතීත...

අපගේ පැතුම් විමානේ...
වෙන්වීලා එක්වුනේ
භවයෙන් භවේ පැතූ අපගේ
ආදරේ නිසා...
කාලේ ලඟ වුණා ආයේ
වේදනා නිවා...

Tharu Pipuna Gana Ahasa

තරු පිපුණ ගණ අහස මම නමි
ඒ අහසේ පුරා හඳ වෙන්න සුදු රුවනි
වැසි නොවට මරු කතර මම නම්
ඒ පොළොවේ දිය බිඳුව වෙන්න සුදු රුවනි

හද පෙළෙන චණ්ඩ රළ මම නම්
ඒ නදියෙ නිසල දිය වෙන්න සුදු රුවනි
ප්‍රේමය අහිමි හඳ මගේ නම්
ඒ හඳට ආදරය දෙන්න සුදු රුවනි

නෙතු පෙළෙන කැල්මේ
සිනා සඳ පානේ...
ඔබ ඇවිත් මගෙ ලගින් ඉන්නවා වගේ දැනෙයි...
ඒ බලන බැල්මේ හදක හසරැල්ලේ
අපි හඩින් බැඳුණු වග ලෝකයා නොම දනී...

තරු පිපුණ...

ජීවිතය අතරේ ආදරය නැවතී
පෙම් කවක් සදාතන හදට කොඳුරාවී
මේ ගී ගායනා ආල හද වේදනා
මහ බඹුන් හෙට දිනේ අප නමින් ලියා වී...
තරු පිපුණ ගණ....