Friday, August 5, 2011

Ma sitha Miyuru kalpana


මා සිත මියුරු කල්පනා
රස පද වැලක පෙරළුනා
මිහිරියෙ ඔබට බැඳුනු ප්‍රේමයේ නමින්
නැවුම් සිතක ඔබට බැඳුනු ප්‍රේමයේ නමින්...

රුවැති මලක් මඳ සුළගේ සැලෙන සැටි සිතා
බඹර තුඩක් මල් පෙති මත ලියයි පෙම් කතා
ඔබට කෙලෙස අමතන්නද නොහැක ගනු සිතා
දයබරව ඔබට ලියමි සෙනෙහසක් පතා...

මා සිත මියුරු කල්පනා...

රණමයුරෙක් මයුරියකගෙ රැඟුම ගැන සිතා
තුඩින් තුඩග බැඳුනු පෙමක් අගෙයි ගනු සිතා
ඔබ අමතන මෙවන් පතක පිළිතුරක් පතා
දැනගන්නට මා රිසියෙන් කිමද ගත් සිතා..

No comments:

Post a Comment