අඳුර නසන්නටපහනක් ලෙස දැල්වී
හත්දිනත් තරු
පොකුරේ ඔබ සැඟවේ...
මට අහිමිව යන ඔබේ සිනා කැකුලයි
සමු ගන්නට බැහැ සිතේ හැඟුම් සසලයි
සිත් රිදවන්නට සෙනෙහස මෝදු වෙලා
අපි දෙන්නා අද දෙතැනක නතර වෙලා
දෙසිතක සැඟවුණු සෙනෙහස මතක තියේ
හඬා වැටෙන්නට අපි නොදරුවන් නොවේ
මට දුන් සවියම ඔබට සවිය වේවා
තහනම් බැමි නැති ලොවකදි හමුවේවා
ගී පද : ඒ ඩී එස් ඉන්ද්‍රාණි
තනුව : ප්‍රියා සූරියසේන
ගායනය : පුන්සිරි සොයිසා
No comments:
Post a Comment