Saturday, June 13, 2020

Viyo Wu Pasuwai Denenne - Sunil Edirisinghe | Story behind the Sinhala songs

වියෝවු පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඩුදා කදුළයි දකින්නේ
සිනහවේ සරදම්

වියෝවු පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඩුදා කදුළයි දකින්නේ
සිනහවේ සරදම්...

ඉවුරු දෑළේ හිද බැලුවිට
ගග හැඩයි කදිමයි,
දියටවන් විට
එවන් ගගුලම බිහිසුණුයි, චන්ඩයි...

වියෝවු පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඩුදා කදුළයි දකින්නේ
සිනහවේ සරදම්...

හදක් නැතිදා අහස්තලයට
තරුවදේ සැනසුම්,
පුන්පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්..

වියෝවු පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඩුදා කදුළයි දකින්නේ
සිනහවේ සරදම්

වියෝවු පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඩුදා කදුළයි දකින්නේ
සිනහවේ සරදම්...

ගායනය : සුනිල් එදිරිසිංහ
සංගීතය : රෝහණ වීරසිංහ
පද රචනය : බන්ධුල නානායක්කාරවසම්







No comments:

Post a Comment