කාලයක සිට ඔහු ඇයට පෙම් බඳින්නට විය. ඒ කෙතරම් කලක සිටදැයි කීමට මම නොදනිමි. ඇයද ඒ වග නොදනී. මන්ද ඔහුගේ ප්‍රේමය ඔහුට පමණක් සීමා වූවක් නිසාවෙනි. නමුත් කාලය ගත විය ඇය තමාගේ නොවන බව ඔහුට වැටහුනි. ඇයට වෙනත් හිමිකරුවෙකු මේ වන විටත් සිටී. මෙය ඔහුට එකවර දරා ගත හැකි දෙයක් නොවේ. මේ පිළිබඳ සිත් තැවුලෙන් කන්දක් පාමුල හුදෙකලාව ගීතයක් ගයයි.
සිතුවිලි සියල්ල සෘණාත්මකය. ඔහු ගීතය තුළින් සිත තුළ ධනාත්මක ස්වභාවයක් ඇති කර ගැනීමට උත්සාහ දරයි. අළුයම් කාලයේදී, මිටියාවත්, කඳු, ශිඛර සිසාරා ගොස් අඳුරැ වන පෙත තුළ සඳ බැස යයි. නමුත් ඔබ කී දෙයින් මා සැළුනේ නැත. ඔබ අන්සතු බව මම දැන සිටියෙමි. ඔහු එසේ ප්‍රකාශ කළද හදවතින් ඔහු තවම පසු තැවෙයි.
උදෑසන කාලයේදී ඇළ, දොළ, ගංඟා, සයුරු සිසාරා ඉර නැඟ එන දර්ශනය මනරම්ය. එම දසුනට අපේ සිතුවිලි වෙනස් කළ හැක. නමුත් ඔබේ නෙත් යුවලේ කාන්තියට මගේ සිතුවිලි නැවත වෙනස් කළ නොහැක. ඔබ අන්සතු බව මම දැන සිටියෙමි.
නමුත් මේ ගීතය පුරාවටම ඔහු කියන තවත් දෙයක් ඇත. “මා ගයනා ගී ... ඔබට ඇසෙනවද, කඳු මුදුනේ සිට... දිවැස් හෙළනු මැන, ආල වඩන සද... කිඳුරු ළියේ” . ඔහුගේ සිතුවිලි කෙතරම් දුරට එක් තැන් වී ඇතිදැයි සිතීම ඔබට බාරයි
|
No comments:
Post a Comment