Saturday, June 13, 2020

Mudu Muhune Suwa Denune - Karunarathna Divulgane & Deepika Priyadharshani Peiris

මුදු මුහුණේ සුව දැනුනේ
ප්‍රිය ලඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැනුනේ
හිමි සඳුනේ මට විතරද
මුදු මුහුණේ සුව දැනුනේ
ප්‍රිය ලඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැනුනේ
හිමි සඳුනේ මට විතරද


පුළුලුකුලේ  සුව යහනේ
නිදි වැරුවේ මන් විතරද
පුළුලුකුලේ  සුව යහනේ
නිදි වැරුවේ මන් විතරද
උර තලයේ හිස රන්දා
සුව වින්දේ මන් විතරද
මුදු මුහුණේ සුව දැනුනේ
ප්‍රිය ලඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැනුනේ
හිමි සඳුනේ මට විතරද


ඉඟ නෙරියේ රැළි බින්දේ
ප්‍රිය ලඳුනේ මන් විතරද
ඉඟ නෙරියේ රැළි බින්දේ
ප්‍රිය ලඳුනේ මන් විතරද
ඉඟ නෙරියේ රැළි සැදුවේ
හිමි සඳුනේ මගෙ විතරද
මුදු මුහුණේ සුව දැනුනේ
ප්‍රිය ලඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැනුනේ
හිමි සඳුනේ මට විතරද

පදමාලාව - මහින්ද  දිසානායක
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ/ දීපිකා ප්‍රියදර්ශනී පීරිස්










මෙම  ගීතය අසම්මත පෙමක නොපෙනෙන පැතිකඩ පිළිබඳව කෙරෙන විග්‍රහයකි. මෙහි ඇත්තේ අසම්මත ලෙස හමු වූ තරුණයෙක් හා තරුණියක් අතර ඇති වන කතාබහකි. 
 
දිනක් හදිසියේම අහම්බයෙන් හමුවන තරුණ යුවලකි. ගීතයේ පැවසෙන අන්දමට තරුණිය පුර අඟනක් යැයි කිව හැකිය. තරුණයා මේ හමු වූ තරුණිය සමඟ අසම්මත පෙමක පැටලී ඇත. ඇය පෙනුමින් නෙත් සිත් ඇද ගන්නා රුවක් ඇත්තියකි. මනා රූ සපුවක් හා ආකර්ෂනීය වතකට හිමිකම් කියන ඇය කෙරේ නොඑන්නේ කෙළෙසද?
දෙදෙනා පෙමින් වෙලී සිටින අතරතුර තරුණයා තම හඬ අවදි කරයි. ඔහුගේ සිතේ ඇය කෙරේ ඇතිව ඇති ආලය තාවකාලික පෙමක් සඳහාම නොවීය.

මුදු මුහුණේ සුව දැනුනේ
ප්‍රිය ළඳුනේ මට විතරද?

ඔහු ඇගෙන් විමසනුයේ මෙවන් පෙමක් ඇති වූයේ ඔහු සමඟ පමණක්ද යන වගය. මෙවන් ළඳක් නිසැකවම අන් සතු බව ඔහු නොදන්නවා නොවේ. ඊට පිළිතුරු ලෙස තරුණියද තම හඬ අවදි කරන්නට විය.

ඔබෙ සුසුමේ සුව දැනුනේ
හිමි සඳුනේ මට විතරද?

ඇයද ඔහු කවර අයෙකුදැයි දනී. ඇය කෙරෙහි පැමිණියා නම් ඔහු තව කිහිප දෙනෙකු කෙරෙහි ගොස් ඇති බවට ඈ අනුමාන කරන්නීය.

විවිධ අයුරින් දෙදෙනා අතර ඇති වන්නේ එම කරුණ පිළිබඳම කෙරෙන විමසුමකි.

පුළුලුකුලේ සුව යහනේ
නිදි වැරුවේ මම විතරද?

උර තලයේ හිස රන්දා
සුව වින්දේ මම විතරද?

ඉඟ නෙරියේ රැළි බින්දේ
ප්‍රිය ළඳුනේ මම විතරද?

ඉඟ නෙරියේ රැළි සැදුවේ
හිමි සඳුනේ මගෙ විතරද?

දෙදෙනාටම සීමා මායිම් නොමැත. තරුණියට ඔහු තවත් එක් පිරිමියෙකු පමණි. තරුණයාටද ඇය තවත් එක් ගැහැණියක පමණි. එම සමාජයේ ස්වභාවය මෙයයි. පෙමක් ලෙස පෙනුනද ඇත්තේ බැඳීම්වලින් තොර අසම්මත පෙමකි. මෙම ගීතය සරල වදන් පෙලක් වටා ගෙතුනද සැඟවී ඇති අරුත සමාජය විවර කර පෙන්වයි.

Source

No comments:

Post a Comment