මට එපා ඔබේ හසරැලි බිදක්
හද වේදනා දෙනවා
මට එපා ඔබේ දෙනුවන් කැළු
හද වේදනා දෙනවා
සිහින ලොවේ මා අද තනි වෙනවා
සිතුවිලි සයුරු තෙරේ
නුඹට කාරි නැත මගේ දුකට මං
ගී පද වැල් ලීවේ...
මට එපා ඔබේ...
මතු දිනයකදී මාගෙන් සමුගෙන
ඔබ ඉවතට යනවා
අපේ මතකයේ බිදුවක් ඔබ හට
තිබුනොත් සෑහෙනවා...
මට එපා ඔබේ...
නියමයි සහෝ..
ReplyDeleteඔහොම යාන්..ඔහොම යාන්..