මේ ප්‍රථම වසන්තයයි දිවි අරණේ මධු මල් පිපෙනා බිඟුරැව් නැඟෙනා මේ ප්‍රථම වසන්තයයි තරු නැඟෙන තුරා නිදිබර අඹරේ සඳු නැඟෙනතුරා සිටියදි අඳුරේ ඔබ සුපුන් සඳක් සේ පායා පහන් රැයක් වී ආවේ සිත පවස දරා මිරිඟුව අතරේ දිය පහස පතා සිටියදී කතරේ ඔබ සිහිල් දොළක් සේ පාවී වසන්තයක් වී ආවේ |
|
ගිම්හානය පලා ගිහිං..... ගහකොළ අතුරිකිලිs මලින් බර වෙලා... ඒ
මල් සුවඳ මුසුව හමා එන සිහිල් සුළං රැල්ල.... නැවුම්
හැඟුම්වලින් ගත සිත පුබුදුවනවා.. වසත්කාලය ඇවිදින්... කොයිතරම්
සුන්දරද.......
තනිකම..... හුදෙකලාව සමඟ කාලාන්තරයක් ජීවත් වූ තරුණයකුගේ හදවතට මල් හීසර පහර වැදුණොත්.... වසන්ත කාලය වගේ හිතපුරා මල් පිපෙනවා. උපදින නැවුම් සිතිවිලි.. කෙළවරක් නැහැ... අපේක්ෂාවන් ප්‍රාර්ථනාවන් වැහි වහිනවා........ |
ගීතයකට වැඩියමක් blog brings you the Story behind the Sinhala songs which have written in 70-90 decades. Story of Sinhala Songs with Lyrics, meaning and music Video from a single blog.
Tuesday, March 12, 2013
Me Prathama Wasanthayai
Wednesday, February 27, 2013
Kandula Ithin Samaweyan - Keerthi Pasquel | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4
කඳුළ ඉතින් සමාවෙයන් අපි වෙන්වෙමු අද හවසට මගෙ ගෙපැලට ඈ එනවා සිරියහනේ තනි රකින්න කළුවළාව නැගෙන්නෙපා ගඟට උඩින් හැන්දැවට මුදුන් ලීය යටින් පොළොවේ ගොම හේදෙයි අලුත් පිටම කන්ද කපා සඳ පායා සඳරැස් යහනට වඩින්න සඳ එළියෙන් ඇගේ ගතේ පෙති ගෝමර මල් දකින්න මල් දෙවැටේ වතුසුදු මල් පිපේවි ඈ පිළිගන්නට කොපුල් තලා ඔමරි සිනා මතුවෙයි මල් පරදන්නට බිළිඳු ගෙනා කිරි සුවඳක් ගෙපැල දොරින් හමා එන්න ඉඩදීයන් වළාකුළේ මගෙ සිහිනයෙ මල් පිපෙන්න ගී පද - ලක්මාලි කාරියවසම් සංගීතය - සුරේෂ් ද සිල්වා ගායනය - කීර්ති පැස්කුවෙල් |
|
හිරිමල් යෞවනය කියන්නේ හිතපුරා පෙම්මල් පූදින කාලය පැණි වැහෙන
කාලය කියලත් කියනවා. මේ වයසට නැඟෙන සිතුවිලි හරිම පෙම්බරයි.
දැරියක් ඉල්ලන කාලෙනෙ.... ඉලන්දාරි වයස කියලනෙ කියන්නේ තනි
යහනෙ සිටිද්දී හිතෙන දේ..... හැඟීම්.... අපමණයි.... තනිකම
සහකාරියකගේ වුවමනාව වැඩියෙන්ම දැනෙනවා. තමන් ගැනම දුකකුත්
ඇතිවෙන අවස්ථා තියෙනවා. තනිකම වැඩියෙන්ම දැනුනාම ඇසට කඳුළකුත්
එනවා. |
Gin Gedi Gin Gedi Gahen Kadagena
ගිං ගෙඩි ගිං ගෙඩි ගහෙන් කඩාගෙන ගිංතොට නැන්දට ටිකක් බෙදාගෙන නංගියෙ විගහට මංකඩ ගාවට යං අයියණ්ඩි ඇවිත් ඇති බං... තාක්ක තෙයි තෙයි තාක්ක තෙයි තෙයි තේක්ක මල් පිපිලා ආං බලන් අර අයියගෙ මූණේ වතුසුදු මල් පිපිලා හාං කවිසියක් දන්නෙම නැතුවා හිත ආලෙන් පිරිලා මාත් දන්නෙ නෑ කියන්නෙ කෝමද හිත ගැන කට ඇරලා... තාක්ක තෙයි තෙයි තාක්ක තෙයි තෙයි තේක්ක මල් පිපිලා අයියණ්ඩිගෙ කිරි කෝඩු හිනාවට තේක්ක මල් ඉහිලා මාත් එක්ක මනමාල හිනා පා සීත සුළං නැටුවා මගෙ මල් හීනය මල් ඕවිල්ලක නැළවෙනු මට දැණුනා... |
|
ගම සහ නගරය, ඒ මිනිසුන්ගේ සිතුම් පැතුම් එකිනෙකට වෙනස්. මේ
වෙනස පෙම්වතුන්, පෙම්වතියන් අතර කෙරෙන ආදරය තුළින් ද දැකගන්න
පුළුවන්. ගමේ තරුණියක් ආදරය කරන හැටි, අගනුවර තරුණියකගේ ආදරයට වඩා වෙනස්. සාමාන්‍යයෙන් ගමේ සුන්දර යුවතියන් හැඟීම් සඟවා ගන්නවා. ලාලිත්‍යය, ලැඡ්ජාශීලී බව වගේම ප්‍රේමය සමග එන බලාපොරොත්තු නාගරික යුවතියකට වඩා වෙනස්. |
Siyabala Malak Obe Dothe Pipenakota - Asanka Priyamantha Peiris
සියඹලා මලක් ඔබ දෝතේ පිපෙනකොට ඉගිලිලා යන්න බෑ ඔය ඇස්දෙකෙන් මට පියඹලා ඇදෙන රන් සමනළ යුවලකට නුඹේ හිතේ පෙම් සුවඳ ඇති තනි තොතනියට.... පෙම් හසුන් ඔබ ලියූ කවි පේලි සුන්දරයි රත්තරං හදවතේ ආදරේ පිවිතුරුයි තනිවෙන්න දෙන්නෙ නෑ මේ සිත ඔබට ආදරෙයි............ නෙතු සිඹින පුරහඳ ලස්සනයි රැයකට අමතක කරන්නෙපා මා ඔබේ සඳවත සිහිනෙන් ඇවිදින් මගේ යහනේ ඉන්න දෙව්දුව.............. ගේය පද: චන්න ජයනාත් ගායනය: අසංක ප්‍රියමන්ත පීරිස් තනුව: රොහණ වීරසිංහ |
|
කාගෙත් ඇස් කන්වලින් මිදීලා නිදහසේ තනිවෙන්න ඇත්නම්.... ආදරවන්තයන් යුවළකට ඒ තරම් සතුටක් තවත් නැහැ...... ඒ වෙලාවට ඔවුන්ට අවට කිසිම දෙයක් ගැන නිනව්වක් නැහැ..... ඒ අය ඉන්නේ ඒ අයටම වෙන්වූ සුන්දර ලෝකෙක.... කුඩයක් යටට වෙලා මුහුදු වෙරළක, බංකුවක් මතම හිඳ මල්වත්තක, අඳුරේ තුරුළු වී සිනමාශාලාවක.... මේ අය එකිනෙකාට කියන කතා..... පැණි වෑහෙන..... ආදර වදන්.... අත්දැකීම් නොලද්දවුන් සිටිත්ද... |
Sada Rajani Aida Hengi
සඳ
රාජිනී ඇයි ද හැංගී ඇයි ද හැංගී මේ රැයේ පාලුවේ වේදනා මා දවාවී සඳරාජිනී ඇයි ද හැංගී ඇයි ද හැංගී මේ රැයේ පාලුවේ... ඈ හා බැඳී ආවා එදා සමුගන්න මාගෙන් මිදීලා මතකේ සදා සුවඳේ වෙලී සංසාරයේ ඉන්න මා හා ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ... ජීවිතේ කෝ පැතූ ඒ සිනාවෝ... වේදනා යා කළේ... මායාව සේ... වැළපෙන්න දෝ මේ ලෙසින්... රෑ තුන්යමේ හඬනා මගෙන් වෙන් වෙන්න සිතුවේ කෙසේදෝ සුළඟේ රැඳී කාටත් හොරා මාගේ ළඟින් ඉන්නදෝ... ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ ජීවිතේ කෝ පැතූ ඒ සිනාවෝ වේදනා යා කළේ මායාව සේ පළිගන්නදෝ මේ ලෙසින්.... |
|
මං
ඔයාට ආදරේ කළ තරමට ඔයා මට ආදරේ කළා ද... සයුරු තලාවක...
සුදුමුදු වැල්ලේ... මම ඔබේ තුරුලට වී හිටියා.... අපි දෙන්නා
ගොඩාක් දේ කතා කළා. තේරුමක් ඇති දේට වඩා අපි කතා කළේ තේරුමකට
නැති දේ.... ඒත් අපි එයින් සතුටක් ලැබුවා... මං ඔයාට ආදරේ කළ
හැටි... දන්නේ මේ ඉර හඳ ගස් කොළං විතරමයි.... වැඩියෙන්ම ඒ ගැන
හඳ සාක්ෂි දේවි... අපි දෙන්නගේ ආදරේ ගැන... අපි දෙන්නා හඳ
එළියේ කොයිතරම් වෙලා තුරුළුවෙලා ආදර බස් තෙපලුවද.... අනේ... ඒත් අද ... අද ඔයා මගෙන් වෙන්වෙලා... ඔයාගේ හදවතේ තවත් කෙනෙකුට ඉඩක් දුන්නේ කොහොමද... සදා කාලයටම ඔයා මගේ... මං ඔයාගේ කියලා නේද අපි කතා කළේ... ඇයි මගෙන් වෙන්වෙන්න හිතුවේ... අද මම තනිවෙලා... එදා මාව තුරුළු කරගෙන හිටපු ඔයා අද... ඇය සමග... අපි ආදරේ කළ හැටි හොරැහින් බලා සිටි සඳු පවා අද නිහඬයි.... මේ පාලු රාත්‍රියේ.... මම තනිවෙලා වේදනා විඳිනවා... සඳ රාජනිය හැංගිලා... .අනේ මේ හදවතේ නැගෙන ගින්දර මාව දවා අළු කරාවි.... |
Subscribe to:
Posts (Atom)