Thursday, March 21, 2013

Me Nagaraya... - Mervin Perera | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4

මේ නගරය මා ඔබ
මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ
වෙන් කෙරුණු නගරයයි

වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා
නුග ගස්‌ පෙළ අප නැතුවත් තව දලුලනවා
සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්‌ක ආයෙත් එහි යන්න හිතෙනවා.

ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ජීවිතයම සිහිනයකැයි කියා හිතෙනවා


සරසවියේ ගෙවෙන ජීවිතය... කටුකයි තමයි... ඒත් ඒ කටුකත්වයට එහා ගිය සුන්දර බව... ජීවිතයට ගෙන දෙන්නේ චමත්කාර සිතුම් පැතුම්

සරසවි අතරින් ඉතාම සොඳුරු පරිසර බිමක පිහිටි සරසවිය තියෙන්නේ කොහේද? ආයෙත් වචන දෙකක්‌ නැහැ... හන්තාන කඳු පංතියේ සෙවනැල්ල වැටෙන පේරාදෙණිය... කාගෙත් පිළිතුර එයම තමයි...


පේරාදෙණිය සරසවිය... හන්තාන කඳුපෙළ... සරසවි පෙම්වතුන්ට නම් ආදරයෙන් වෙළී ඉන්න කියාපු බිමක්‌... හිතේ තියෙන ආදරය මේ සොබා සුන්දරත්වය නිසා තව තවත් වැඩිවෙනවා... හන්තාන කඳුපෙළ හරහා හමා එන සිහිල් සුළං රැල්ල... උණුසුම සොයා මේ පෙම්වතුන් එකිනෙකා තුරුළුකරනවා. සරසවි බිමේ එක්‌වන මේ සෑම ප්‍රේමාතුරයෙක්‌ගෙම ආදරය විවාහයෙන් කෙළවර වෙනවා නම්... ඒත් ඒක එහෙම වෙන්නේ නැහැ... ඔවුන්ගේ ආදරය සරසවි බිමටම විතරක්‌ සීමා වෙනවා.

මේ නගරය මා ඔබ
මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ
වෙන් කෙරුණු නගරයයි

ආදරය කළ දෙදෙනෙක්‌ එකට හමුවූ නගරය.. අවසන මේ දෙදෙනාම වෙන්ව ගියෙත් මේ නගරයෙදිමයි... අපේ ආදරණීය ගායකයා මර්වින් පෙරේරාගේ ගැයුම් පද පෙළ එකට ඇමිණුවේ ප්‍රේමකීර්ති ද අල්විස්‌... සොඳුරු ගීත රචකයා... මෙහි තනුවත් මර්වින්ගේ... ගී පද මාලා ගැන තනුව ගැන ගායනය ගැන... අහන්න අද අප අතර මේ ශිල්පීන් දෙදෙනාම නැහැ... වටිනා නිර්මාණ රැසක්‌ අපට ඉතිරිකර ඔවුන් අප අතැර ගොසින්.... ප්‍රේමකීර්ති මේ ලියා තිබෙන්නේ සරසවි ප්‍රේමයක්‌ ගැන බවට සැකයක්‌ නැහැ..

වැව් ඉවුරේ දියරළ පෙර සේම බිඳෙනවා
නුග ගස්‌ පෙළ අප නැතුවත් තව දලුලනවා
සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්‌ක ආයෙත් එහි යන්න හිතෙනවා

එදා හමුවී යළි වෙන්වී ගිය නගරයට මේ පෙම්වතා යළි එනවා... එදා වගේමයි... වැව් ඉවුරේ දියරළ අදත් බිඳෙනවා... නුග ගස්‌ හෙවණේ එදා අපි දැත් පටලාගෙන ඇවිද ගියා... අද අපි නැතත් මේ නුගගස්‌ පෙළ දලුලමින් වැඩෙනවා. කඳුරැල්ලට එපිටින් එදා වගේම අදත් සරසවි බිම පෙනෙනවා. අපි දෙදෙනා වෙනස්‌ වුණත් ඒවා වෙනස්‌වෙලා නැහැ... මේ අතීත සැමරුම් දකිද්දී මට ආයෙත් ඔබ සමගින් ඒ බිමට යන්න හිතෙනවා...

මේ පෙම්වතා අතීතය ස්‌මරණය කරනවා. ඒ ඔවුන් කලක්‌ ආදරයෙන් හමුවූ ඇවිද ගිය තැන් වසර ගණනාවකට පසු යළි දකිද්දී...

ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ජීවිතයම සිහිනයකැයි කියා හිතෙනවා

ඔහු එදා ඇය අත අල්ලාගෙන ඇවිද ගිය වීදි දිගේ අද යන්නේ ප්‍රිය බිරිය සමගින්. අද ඔහුගේ අතැඟිල්ලේ එල්ලී යන්නේ පුංචි පුතා... ඒත් ඔහුට සිහිපත් වෙනවා එකල කළ ප්‍රාර්ථනාවන්... ඒවා සිහිපත් වෙද්දි මුළු ජීවිතයම හීනයක්‌ කියලයි හිතෙන්නේ...

ජනප්‍රිය ගීයක්‌.. කාගෙත් මුවග රැව්දෙන කව්රුත් ආශාවෙන් මුමුණන පද පෙළක්‌... යොවුන් වියේදී හමුවූ පෙම්වතියක්‌ ගැන ඇය හා ආදරය කළ ආකාරය... සැමියෙක්‌, පියෙක්‌ වූ පසු සිතන ආකාරය කෙතරම් චමත්කාරද?



ගී පද :  ප්‍රේමකීර්ති ද අල්විස්‌
තනුව හා ගායනය : මර්වින් පෙරේරාගේ

Source : 
 

No comments:

Post a Comment