Tuesday, July 5, 2011

Akalata wata maha warusawak se

අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ නොසිතූ
මොහොතක
ඇයි දෝ යළි ආවේ...

පෙරදා මෙන් හද මල් පිපුණාදෝ
සතුටු කදුළු නුවනග මිදුනාදෝ
අතීත ආදර නටඹුන් අතරේ
මන්දිර මැව්වාදෝ...

සොවක් නැතේ නොසිතනු මැන සංකා
ඔබෙන් ලබනු කුමටද අනුකම්පා
රජෙකුට හිමි වූ මා දැන් රැජිනකි
සතුටයි කිරුළ අපේ...

හෙට හමුවීමෙන් කිසිදු පළක් නෑ
ඔබේ ඇරයුම පිලිගන්න හිතක් නෑ
විමසන වදනට පිළිතුරු දෙන්නම්
ළගකදි ලබන දිනේ...

3 comments:

  1. සදා මතකයේ රැඳෙන ගී...

    ReplyDelete
  2. කොහේදෝ එක දවසක මගේ ජිවිතයට නෑ කමක් මේ ගීතය මා සමග ඇත ,නමුත් ඇයට මෙය සිතුවිල්ල ඇති වීමට මම ඉඩක් ලබා නොදෙමි .මා හැර ගියේ ඇය මිසක් මා නොවන බැවිනි ,මේ අඩවිය මා ප්‍රබෝධමත් කල අඩවියකි ,මෙය පවත්වා ගැනීම ගැන තුති පුදමි .

    ReplyDelete