නොකී රහසක් මතකයේ හිඳ තැවෙනවා ඔබෙ සුවඳ මට දැනෙනවා. දැනෙනවා රැයේ ඝනඳුර නැගෙන තනියට සඳක් සේ ඔබ පිපෙනවා... පිපෙනවා... මං ආදරෙයි... මං ආදරෙයි... උමතුවෙන්... ඔබේ සිත මා සොයනවා... සොයනවා පැතුම් වෙරළට සිතුම් රළ පෙළ ඇදෙනවා නෙතග කැළඹිලි නැගෙනවා... නැගෙනවා... නිදන නින්ද ද මුදා හරිමින් අවදි කොට මා තබනවා... තබනවා... මං ආදරෙයි... මං ආදරෙයි... උමතුවෙන්... ඔබේ සිත මා සොයනවා... සොයනවා... දුරින් දුර ඇති තාරකා මල් දිලෙනවා නෙතග ඒ මල් ලෙලෙනවා පෙනෙනවා දකිනු රිසි ඔබෙ තාරකා ඇස් මසිත මිහිරක් මවනවා... මවනවා... මං ආදරෙයි... මං ආදරෙයි... උමතුවෙන්... ඔබේ සිත මා සොයනවා... සොයනවා ගී පද - විපුල් ධර්මප්‍රිය ජයසේකර ගායනය/සංගීතය - විශාරද එඩ්වඩ් ජයකොඩි |
|
ගීතයකට වැඩියමක් blog brings you the Story behind the Sinhala songs which have written in 70-90 decades. Story of Sinhala Songs with Lyrics, meaning and music Video from a single blog.
Tuesday, April 2, 2013
Nokee Rahasak Mathakaye Hida Thewenawa - Edward Jayakodi | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4
Thursday, March 21, 2013
Me Nagaraya... - Mervin Perera | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4
මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා නුග ගස් පෙළ අප නැතුවත් තව දලුලනවා සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා ඔබත් එක්‌ක ආයෙත් එහි යන්න හිතෙනවා. ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා ජීවිතයම සිහිනයකැයි කියා හිතෙනවා |
|
සරසවියේ ගෙවෙන ජීවිතය... කටුකයි තමයි... ඒත් ඒ කටුකත්වයට එහා ගිය සුන්දර බව... ජීවිතයට ගෙන දෙන්නේ චමත්කාර සිතුම් පැතුම් සරසවි අතරින් ඉතාම සොඳුරු පරිසර බිමක පිහිටි සරසවිය තියෙන්නේ කොහේද? ආයෙත් වචන දෙකක් නැහැ... හන්තාන කඳු පංතියේ සෙවනැල්ල වැටෙන පේරාදෙණිය... කාගෙත් පිළිතුර එයම තමයි... |
Damayannata Noheki Mihimatha
දමායන්නට නොහැකි මිහි මත එකම සම්පත ඔබම පමණයි මිදී යන්නට නොහැකි මේ ලොව එකම බැඳුමද ඔබම පමණයි... බැඳී දුක සැප දෙකෙහි නිතියෙන් හදේ තනි නොතනියට වැඩ හුන් ළබැඳි සිත්මල් පරව යන විට පසක්‌වෙයි අනියත ලොවේ ජීවිතය යනු සිහිනයක්‌මය සසර මග දකිනා... බැඳුණු සෙනෙහස නොවන නිම් හිම් ඇතද පණ නල සමග රැකෙමින් අපේ අත්වැල ලිහී ගිලිහෙන මොහොත එයි කවදාක හෝ යායුතුය ඒ නියත නික්‌මන සියලු බැමි බිඳිනා |
|
මිනිසුන් වන අපට කොතරම් බැඳීම් තියෙනවද.... දේපළ වස්‌තුව මිල මුදල් දරුවන් බිරිඳ... සැමියා මේ හැම දෙයක්‌ම බැඳීම්. මේවාට ලොබ බැඳෙන හිත......... අවසන් හුස්‌ම පොද හෙළන්නේ තන්හාවෙන්... දමායන්නට නොහැකි මිහි මත එකම සම්පත ඔබම පමණයි මිදී යන්නට නොහැකි මේ ලොව එකම බැඳුමද ඔබම පමණයි |
Tuesday, March 12, 2013
Lowama Epa Wee - Nanda Malani
ලොවම එපා වී ලොවම කලකිරී තැවී දැවී හිඳිනා වේලේ... ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ... අසා අසෝබන නින්දා ගැරහුම් වැළහින්නක සේ වැලපෙන මොහොතේ පවනේ පාවෙන ඔබේ සුවඳකින් පිපාසිත වූ හද සිහිලැල් වේ ලබා නොමිනිසුන් නගනා ගෙරවුම් මුවැත්තියක සේ බියපත් මොහොතේ සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින් මුළුගැන්වුණු සිත උණුසුම් වේ.... ගී පද : මහාචාර්ය සුනිල් ආරියරත්න තනුව : මර්වින් පෙරේරා ගායනය : විශාරද නන්දා මාලිනි |
|
Wesak Labanawa - Edward Jayakodi | Story | Lyrics | Meaning | MP4
වෙසක් ලබනවා තොරන් බඳිනවා තැන තැන දන්සැල් ඉදිවෙනවා වෙස්‌සන්තර රජු සිරිසඟ බෝ රජු ආයෙත් සිරිලක රජවෙනවා... වෙසක් ගෙවෙනවා තොරන් ලිහෙනවා දන්සැල් කාලය නිමැවෙනවා වෙස්‌සන්තර රජු සිරිසඟ බෝ රජු ආයෙත් රජකම හැර යනවා... වෙසක් කාලෙටයි කාගෙත් පිංකම් කාට පේන්නද අනෙ මන්දා නම්බු රැකීමයි නිවන් දැකීමයි එකමඟ යන්නේ කොහොමද මන්දා... |
|
වෙසක්
කියන්නේ සීමාවක් නැතිව පින්දහම් කරන කාලයක්.. සම්බුදු
හිමියන්ගේ තෙමඟුල සිහි කරමින් ප්‍රතිපත්ති පූජාවලත්, ආමිස
පූජාවලත් නියෑලෙන්නේ සැදැහැ සිතින්. වෙසක් උත්සවයට අපේ සැදැහැවතුන් සූදානම් වන්නේ දින ගණනාවක ඉඳලා... වෙසක් ලබනවා තොරන් බඳිනවා තැන තැන දන්සැල් ඉදිවෙනවා වෙස්‌සන්තර රජු සිරිසඟ බෝ රජු ආයෙත් සිරිලක රජවෙනවා... |
Subscribe to:
Posts (Atom)