පි: තුරුලිය නිසලයි - වැව් දිය සසලයි තනිකම ඉවුරු බිඳියි මග අතරමංව හිඳිමි ඔබ කොහිද කොහිද සොයමි ගැ: ඔබ ළඟම ළඟම හිඳිමි ගැ: සසර පුරා සුවඳ සරා ඔබම ළඟම රැඳෙමි ඔබ කොහිද කොහිද සොයමි පි: ඔබේ සුසුම් සුවඳින් පෑරී වෙල් ඉපනැල්ලේ පවන් සළයි ගංදොර සුහුඹුල් මතකය වැළපී සිත මා තෙමා වැටෙයි ඔබ කොහිද කොහිද සොයමි පි: ඔබේ සුරත් පහසින් ගිලිහී ලියගොමු ලන්දේ සොවින් සැළෙයි තණපත් මුතුපිණි කඳුළින් බරවී ඔබ පා පහස පතයි ඔබ කොහිද කොහිද සොයමි ගැ: ඔබ ළඟම ළඟම රැඳෙමි |
|
ගීතයකට වැඩියමක් blog brings you the Story behind the Sinhala songs which have written in 70-90 decades. Story of Sinhala Songs with Lyrics, meaning and music Video from a single blog.
Friday, January 31, 2014
Thuruliya Nisalai - Iman Perera | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4
Me Anantha Rathriye - Damith Asanga | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4
මේ අනන්ත රාත්‍රියේ සඳේ නුඹ කොහේ තාරුකා කියන්නකෝ නිදන්නෙ ඈ කොහේ අඳුරේ ගිලී නොපෙනී ගියේ සුසුමයිලු මා ඇගේ යුග නෙත් මගේ කඳුළින් තෙමී තනිවේද මා අනේ ජීවිතේට මං කියූ තාරකාවියේ දැන් ඉතින් නුඹත් ගියා කලුවරයි අනේ අම්බරේහි සඳ නොවී එළිය දුන් ලියේ දැන් ඉතින් නුඹත් ගියා කලුවරයි අනේ |
|
හුඟ දෙනෙක් ආදරය කරන්නේ ඔවුනොවුන් එකිනෙකාට අයිතියි කියා හිතලා... ඒත්... මේ ආදරවන්තයන් බොහෝමයක්ම අයිති ඔවුන්ට නොවෙයි. වෙනත් අයට ඒ නිසා සමහරවිට මේ අය අසම්මත පෙමක රස බලන්නන්. ඒත් ආදරය කියන්නේ වෙන් වෙන්න පුලුවන් බැඳීමක්ද එය හරිම අමාරුයි තේරුම් ගන්න. |
Tuesday, April 16, 2013
Mihirathi Wasantha Kale - Shelton Premarathne | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4
මිහිරැති වසන්ත කාලේ කිම ඔබ මෙතෙක් නො ආවේ ගිම්හානයේ ගිලන් වී තනිවීමි වේදනාවේ සිතුවිලි සිතුම් සඳැල්ලේ ළතැවී රැඳී නිදැල්ලේ මිහිරක් කොහෝද ඇත්තේ කිව මැන මටත් වසන්තේ දාහය ගතේ වෙළීලා කඳුළැලි නෙතින් ගලාලා ඈතට ඇදී ගලා යේ සොයමින් ගෙවූ අතීතේ සෙනෙහස ඔබෙන් උදාවූ යුගයකි ගෙවා නිමා වූ | |
ප්‍රේමය අපට දිව්‍ය ලෝකයේ දොරටු විවර කරන
විට වියෝගය, මරණයේ ගැඹුරු අඳුර තුළ අප වළ දමයි. නිමේෂයක් පාසා තියුණු
සැතකින් අනින්නාක් බඳු වු වේදනාවන් දෙමින් බැඳීම්වල කටුක බව පසක් කරවයි.
ගැඹුරු ආදරය අත්පත් කර ගත්තෝ සිය ආත්මවල ගැඹුරින්ම සංහිඳියාව ස්පර්ශ කරන
විට එසේ නොහැකි වූවෝ සිය ලාලසාවන් වෙනුවෙන් ද ස්මරණයන් වෙනුවෙන් ද වැළපෙති.
ඒ වැළපුමෙහි කඳුළු සිය පන්හිඳෙහි තවරන ප්‍රේමකීර්ති ද අල්විස් තවමත් නො ආ
වසන්තය, වරක් හිමි වි සඳහට ම අහිමි වූ ඒ වසන්තය අමතන්නේ මෙසේ ය. |
Thani Wennata Mage Lowe | Victor Rathnayake | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4
තනි
වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්... සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදො අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ... මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ සෝ ගීයකි දුක්බර වූ සැනසුම කොහි වේදො... පද රචනය - බුද්ධදාස ගලප්පත්ති සංගීතය - රෝහණ වීරසිංහ ගායනය - වික්ටර් රත්නායක |
|
ප්‍රේමයෙන් ජය ලැබුවෝ කී දෙනෙක් ඇත්ද? ඒත් වැඩිපුරම ඉන්නේ
පරාජිත පෙම්වතුන්. ඒක තමයි ඇත්ත. ප්‍රේම කරන එකත් සටනක් වගේ.
අවි ඔසවාගත් සතුරන් කී දෙනෙක් පෙම්වතුන්ට එරෙහිව නැගී
සිටිනවාද? මේ සටනින් ජය ගන්නා එක හරිම අමාරු දෙයක්.
|
Oba Ma Hamuwu awasan Dine - Keerthi Pasquel | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4
ඔබ මා හමු වූ අවසන් දිනේ තාම මා සිතේ රැඳී තියේ කඳුළින් බොඳවූ දෙනුවන් ඔබේ ආදරේක වේදනා දැනේ කොතරම් දවසක් මා ඉන්නදො මේ වගේ දුකක් සිතේ දරා සුළඟේ සැඟවී මා යන්නදො මාගේ ප්‍රියා වී සොයා... මේ විසල් පුරේ ඉන්න රූ ළඳුන් සොයා මා ළඟින් රැඳී උන්න යාලුවන් ගියා මට හොරා වගේ මගේ සිත කොහේ ගියා මාව හැරදමා මසිත ඔබ සොයා ගියා අඩ අඳුරේ සිත වැළපේ සිහිවී ඔබේ ආදරේ... වැලුකා තලේ සිත දිය බිඳක් වගේ ඈත සිතිජයේ ඔබේ රූ මැවී පෙනේ මාසිතේ පුරා සුමුදු සිසිලසක් දැනේ ඔබ සොයා දුවන් එන්න මට නැතේ පිනේ අඩ අඳුරේ සිත වැළපේ සිහිවී ඔබේ ආදරේ... |
|
පෙම්වතුන්ගේ
හිත්වල ඔවුනොවුන් ගැන මැවෙන ආදරය... ප්‍රේමාන්විත සිතිවිලි...
අනන්තයි.... අප්‍රමාණයි.... එකිනෙකා නොදැක ඉන්න කාලය තුළදී
ඉපදෙන ආදර හැඟුම්.. තවත් ඉහළයි.... මේ වෙන්ව සිටිනා කාලය
මාසයක්... අවුරුද්දක්... දෙකක් නම්... හිතන්නත් අමාරුයි...
ඇය ගැන... ඔහු ගැන ඇතිවන ආදරය වගේම හිත් තුළ ජනිත වන දුක...
ඒත් ඒ දෙදෙනා හමුවෙන තුරාවට විතරයි... ඒ දුක ඉන්පස්සේ
සතුටක්... ආදරය... මිහිර... නිම්හිම් නැහැ....
|
Subscribe to:
Posts (Atom)