Saturday, July 16, 2011

Kiri dunne daruwantai

කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කලගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ

අහිංසක තිරිසන් ගවයාටත් පණයි තිබෙන්නේ
එවන් සතෙකු අහෝ අකාලයේ කිමද මරන්නේ...
ටිකක් හිතල බලනු ඌ පිරිසිදු තණකොල කන්නේ
නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණු කන්නේ

කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා
බලනු තුන්සිය හැටපහ වැඩි කර තිස්පහ යොදලා
ගණන දොළොස් දහස් හත්සිය හැත්තැපහක් වෙලා
ඔබට තෙරුණාද ඔබකල පව් දුර දිග නොබලා...

කිරි දුන්නේ දරුවන්ටයි...

මුදල් තණ්හාවෙන් සමහරු ගවයා විකුණන්නේ..
අහිංසක සතෙකුගේ ඉරණම ඉන්පසු විසදෙන්නේ
යලිත් ඒ මුදලින් මස් ගෙනවිත් රස කර කන්නේ...
තමන් විකුණූ ගවයගේ මස් බව ඔහු නැහෙ දන්නේ...

ගිතෙල් මීකිරි එළකිරි පස්ගෝ රස සපයන්නේ
ඉවතලන පොහොරින් මහ එළවලු කොටු සරු වෙන්නේ...
මෙවන් සතෙකුගෙ මස් නොකන අයට සෙත සැලසෙන්නේ...
එවන් පිරිසිදු හදවත් තුළ දෙවියන් වැඩ ඉන්නේ...

No comments:

Post a Comment