Tuesday, July 26, 2011

Puda sunaka nisala bawa - Dayan Witharana | Story | Lyrics | Meaning

පුදසුනක නිසල බව
ලද පෙමක තිබුණි නම්
හදවතක නොවේ මේ තරම් සුසුම්
මට කියනවාද මට කියනවාද
බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්

මල් විලක එලා තිබූ
මුදු සුවඳ නෙලාගෙන
සැනසිල්ල ළගින්
හිනැහෙන්න ගිහින්
ඔබ හඬන හැඬුම්
ආ.... ආ.... ආ....
ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්

පුදසුනක නිසල බව....

සිල් සදන ප්‍රභා ඇති
පෙම් වරම් උතුම් ලෙස
පුද දුන්නු බැතින්
පණ ගැහෙන තරම්
ලෙන්ගතු සිතකින්
ආ.... ආ.... ආ....
මැන බලනව නම් නෑ ඉන්නේ දුරින්

පුදසුනක නිසල බව

පදමාලාව - සුනෙත් රූපසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - දයාන් විතාරණ




No comments:

Post a Comment