Friday, August 5, 2011

Desa wasagami oba nopenennata

දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට
සිහිනෙක දැවටී ඔබ එනවා ...
හිත හිර කරගමි ඔබට නොයෙන්නට
සිතුවිල්ලක් වී ඔබ එනවා

අහසට ඔසවන විටකදි
නෙත් යුග හිරු සඳු වී ඔබ හිනැහෙනවා...
මිහිමත පියකරු දසුනක් වේනම්
ඔබ රුව ඒ තුළ දැවටෙනවා...

පාළුව ඉවසා මා තනි වෙද්දී
සුසුමක් වී පසුපස එනවා...
කල්පිත ලොකේ ගී පොත පෙරළා
ගීයක් වී ඔබ වැළපෙනවා...

අහසත් පොළොවත් ඔබටද මා හට
නැතිවද ඔබ මා හැර යන්නේ
තහනම් දේසේ බැදි පෙම් බිඳ දා
කෙදිනද ඔබ මා හමු වන්නේ...

4 comments:

  1. මට මේ ගීතය දැනෙන්නෙ ඇත්තටම සෙකෙහස ඇවැසි හදවතකින් නැගෙන දරාගත නොහැකි ආයාචනයක් ලෙසයි. වේදනාවෙ තරම දැනෙන්නෙ විදින කෙනා මිස ඒකට මුල් වුන කෙනා නෙමෙයි. ඒත් ආදරයෙදි හමු උනත් නැතත් හැගීම් වල වෙනසක් නෑ.තියන්නෙ ආදරය විතරමයි.

    ReplyDelete
  2. මේ ගීතයේ කටහඩ නැති මියුසික් track එක මාලග තිබේනවා 0777635611 niloj

    ReplyDelete