Sunday, June 3, 2012

Ran Dholwen Kendawa yami mama


ඈත ක්ෂිතිජයෙ හැඩට රුවින්
දිලෙන තරුව ඔබ නම්
මේඝ වලා සළු පට අතරින්
මම ඔබ වෙත එන්නම්

ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
අපි ඉමු පිලිසඳරේ
රන්දෝලවෙන් කැඳවා යමි මම
කුමරිය ඔබ මාගේ......

සඳළුතලාවේ මුණින් තලා වී
කඳුළැල් පිරුණු නෙතින්
සමුගන්නම් මම කුමරිය ඔබගෙන්
ආයෙ දකිනු රිසින්.....

Buddhan Saranan Gachchammi

බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි

ඔබෙ රාගී මන කැළඹේ දෝ
ක්ලේෂයෙ ඕඝය නෑවේදෝ

ඔබෙ රාගී මන කැළඹේ දෝ
පිවිතුරු හදවත පෑරේ දෝ
එමවිට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමි

බුද්ධං සරණං ගච්ඡාමි...

මෛත්‍රී කරුණා දූෂිත වී - ක්‍රෝධය ඊර්ෂ්‍යා පෝෂිත වී
හිංසා පීඩා දේවිදෝ - මිනිසා තිරිසන් වේවි දෝ
ඝෝර විසැති නයි පොළොඟුන්
මිනිසුන් මිතුරු වෙසින් ඒ නම්
එමවිට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමි

බුද්ධං සරණං ගච්ඡාමි...


දුක් බරිනි මිරිකී යා දෝ - සත්‍යය ලොකේ වැනසී යා දෝ
නිර්මල පිවිතුරු චරිතෙ ඔබේ
පවිටෙන් බොරුවෙන් කෙළෙසා දෝ
අගතිය යුත්තී මාරුතයේ
ප්‍රාණෙ ඔබේ දෙදර යා දෝ

එමවිට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමි

බුද්ධං සරණං ගච්ඡාමි...

ගායනය: මොහිදීන් බෙග්
ගේය පද: කරුණාරත්න අබේසේකර
තනුව: අනිල් බිස්වාස්