
සිහිනෙක දැවටී ඔබ එනවා ...
හිත හිර කරගමි ඔබට නොයෙන්නට
සිතුවිල්ලක් වී ඔබ එනවා
අහසට ඔසවන විටකදි
නෙත් යුග හිරු සඳු වී ඔබ හිනැහෙනවා...
මිහිමත පියකරු දසුනක් වේනම්
ඔබ රුව ඒ තුළ දැවටෙනවා...
පාළුව ඉවසා මා තනි වෙද්දී
සුසුමක් වී පසුපස එනවා...
කල්පිත ලොකේ ගී පොත පෙරළා
ගීයක් වී ඔබ වැළපෙනවා...
අහසත් පොළොවත් ඔබටද මා හට
නැතිවද ඔබ මා හැර යන්නේ
තහනම් දේසේ බැදි පෙම් බිඳ දා
කෙදිනද ඔබ මා හමු වන්නේ...