මේ මැයි ගහ යට දවසක් දා වැස්සට අපි උන්නා රතු කැට වාගේ මැයි මල් පිපි පිපි අපට හෙවන දුන්නා මැයි මාසේ එක සැන්දෑ වරුවක සීතල වැහිපොද වැටෙන වෙලේ ආදර වියෝවක් සිතින් එබෙන සද වැහිපොද සේ නෙතු කඳුළු සැලේ වැහි පොද වැටුනත් ඉස්සර වාගේ මැයි මල් පිපුනත් රතට රතේ අප දෙදෙනෙක් නැත අද මා පමණයි මැයි ගස් සෙවනේ අඳුරු පෙනේ |
|
ගීතයකට වැඩියමක් blog brings you the Story behind the Sinhala songs which have written in 70-90 decades. Story of Sinhala Songs with Lyrics, meaning and music Video from a single blog.
Thursday, February 16, 2012
Me May Gaha Yata Dawasak da
Thursday, February 9, 2012
Kandulu Bidak Ma wenuwen
කඳුළු බිඳක් මා වෙනුවෙන් නොසැලෙන්නයි ඔබේ ඇසින් ආදරයේ අනුකම්පා අයැදින්නට එපා මගෙන්... කුළුඳුල් සෙනෙහස ඔබගේ පුදකලදා එකම සිතින් ඔබ දෙගුරුන් නොපැතූ මා ලොව තනිවේ නම් කඳුළු බිඳක් මා... එක මඟ යනමුත් කිසිදා හමු නොවෙනා දෙදෙනෙකු නම් තනිවෙන්නම් සැමදා මා ඔබ සැනසේ නම්... |
|
Adaraye Ulpatha wuu Amma
ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ ඔබ මතු බුදු වන දවසේ මා රාහුල කුමරුන් සේ සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි සුළැඟිල්ලේ එල්ලී සඳ දිය කොට කිරි වතුරෙන් ඒ දියරෙන් මුව දෝවා දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන් මතකඉමා නැළැවූවා ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ජීවිතයට කිරි දී පණ දී මා දැඩි කල අම්මා තුරුළට ගෙන අත් පා හැඩ ගස්වා නිදි ගන්වා යහන් ගැබේ සිහිනෙන් ගෑ සුවදක් මෙන් සිහි වෙයි ඒ කිරි සුවඳ ඔබේ දවසින් දවසට සෙනෙහස ළබැදී ගෙන දී දිවියට නව පණ ලැබ දී මා දැඩි කල අම්මා ගායනය: වික්ටර් රත්නායක ගේය පද : ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය : වික්ටර් රත්නායක |
|
Subscribe to:
Posts (Atom)