සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම් දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා සද වනියේ නුඹ නම්-සැනකෙළියයි මගෙ නම් කවියන් ගේ දෑසේ රස සීමා පණිනා සිහිනෙක් රෑ අවුදින් - සුවදක් සේ ළග හුන් සංවරියේ රන් තිත කෝ මා පානනා සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම් දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා
වාත්තු කර ඇති දේහ තලාවට හේත්තු වෙන්න ද හෙවනැල්ලෙන් කාන්ති ඉහිරෙන නයන ඉනාවට සාන්තුවර සිත හීදැල්ලෙන් හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ දග මෙනෙවිය ඔබ මා වල්මත් කළ අරුමැසියයි මෙලොවේ
සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම් දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා
වීණා බද වට කැරකෙන වරලස අණ දෙන හෘද ස්ඵන්දනයෙන් සුසුමේ රිද්මයට ම රග දෙයි ඔබ මගේ පෘථග්ජන සිතුවිල්ලෙන් හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ රතු නළගන මගේ හිත අවතැන් කළ එකම ළදයි මෙලොවේ
සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම් දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා සිහිනෙක් රෑ අවුදින් - සුවදක් සේ ළග හුන් සංවරියේ රන් තිත කෝ මා පානනා සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම් දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා
ගී පද : කැලුම් ශ්‍රීමාල් |
|
|
ගීතයකට වැඩියමක් blog brings you the Story behind the Sinhala songs which have written in 70-90 decades. Story of Sinhala Songs with Lyrics, meaning and music Video from a single blog.
Showing posts with label Amarasiri Peiris. Show all posts
Showing posts with label Amarasiri Peiris. Show all posts
Friday, July 14, 2023
Suhadiniye Sagawan - Amarasiri Peiris | Story behind the song | Lyrics | Meaning
Sunday, January 14, 2018
Iri Thelunu Wala - Amarasiri Peiris | Story behind the Sinhala songs
ඉරි තැලුනු වළා උඩු වියන් යටන් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ සෙනඟ රවටමින් වට පිටේ සීරුවට විදුලි ඇස් සිනාසේවී නොරැවටී යන්න යමු කහ ඉරෙන් එතෙර වීලා රිය පෙලේ කිරුළු හිමි රජවරුන් අත වනාවී බිම බලන් යන්න යමු කහ ඉරත් රැළි වැටීලා ගායනය - අමරසිරි පීරිස් තනුව: තිස්සසිරි පෙරේරා ගේය පද: සමන් අතාවුදහෙට්ටි |
|
Hima Diyawee Himalaye - Amarasiri Peiris | Story behind the Sinhala songs
හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා.. සුදු පෙණ කැටි බලන්න රාධා.. සුළඟ හමයි සීතල සාදා.. සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා.. සිනා රැලි නගා උතුරණ ඔය හදවත් නීල ජලාසේ.. පීණන මේ ස්වර්ණ හංසයෝ.. අකීකරුද මෙතරම් රාධා.. ඉඩ දී දෙන්නට දඩුවම් දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා.. හිම දියවී හිමාලයේ... මල් පෙති පොඩිවී ඉකිලන මේ හෝපලු යහන් තලාවේ.. සඳ දිය මිණිමෙවුලට වැටිලා.. දෑස නිලංකාරයි රාධා.. ගිලිහී ගියදෙන් මිණි කැට දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා.. හිම දියවී හිමාලයේ... ගායනය : අමරසිරි පීරිස් සමඟින් වසන්තා තිලකාංගනී පද රචනය : ධම්මික බණ්ඩාර සංගීතය : ඩැනිස්ටර් පෙරේරා |
|
Monday, April 17, 2017
Sonduriya Kalaya Kotharam Napuruda - Amarasiri Peiris | Story behind the Sinhala songs
සොඳුරිය කාලය කොතරම් නපුරුද රැකගත් ආලය උදුරා ගෙන ගිය කාලය කොතරම් නපුරුද සොඳුරිය... පෙරුම් පුරා දුක සේ ගළපා ගත් කවිය ඔබම වී නැළැවුණු යුගයක හද ඇඳි ඔබ රුව සිහිනෙකවත් නැත ඒ රුව කෙතරම් මිහිරිද සොඳුරිය... ලොවට හොරා විළි ලා බිහිකර ගත් වසන්තයේ සඳ මියැදුණු දවසක බෙදා හදාගත් දුක වත් අද නැත ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය... පදමාලාව - සමන්ත හේරත් සංගීතය - ප්‍රේමසිරි කේමදාස ගායනය - අමරසිරි පීරිස් |
|
Wednesday, October 10, 2012
Kawuruwath ne - Amarasiri Peiris | Story | Lyrics | Meaning
කවුරුවත් නෑ... කවුරුවත් නෑ එගොඩට යන්නට-එගොඩට යන්නට ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ අඳුර ගලනවා පාරුව ඇතුළට ලන්තෑරුම කෝ..., ඔහෙ තිබුණා වේ කවුරුත් නෑ අද එගොඩට යන්නට දවසින් දවසට පාළම හැදුනා පාළම් මෝලේ හෙණ හඬ ඇසුණා කිරල කැලෑවේ කුරුළු කොබෙයියන් ගම හැරදා යන්න ගිහින්... දෑතේ අතැඟිලි හබලට ගෙවුනා ගෙනියන්නට බැරි බර පොදි තිබුණා මෙතුවක් නොමගිය බර අද දවසේ මට හිනැහීගෙන යනවා වාගෙයි ගේය පද: හේමසිරි ගුණතුංග ගායනය: අමරසිරි පීරිස් තනුව: ප්‍රේමසිරි කේමදාස |
|
සිදාදියත් ගමත් අතර ඉස්‌සර නම් ලොකුම ලොකු වෙනසක් තිබුණා. ඒත් දැන් ගම නැහැ... සිදාදිය ගම ආක්‍රමණය කරලා... |
Wednesday, August 24, 2011
Wednesday, July 27, 2011
Snehaye Nagarayai

මාවතක් හෝ නොවූ රාගයේ
වන්දනාවේ ගිහින් ඉන්න
ආසයි මටත් කොයි ඉසව්වේද
ඒ මෙත් පුරේ
යෞවනයේ නිල් නුවන් සේ රැඳී
රන් මලක් වේද හද සල්වනේ
නෙත් පහන් දල්වලා
සිත් සඳුන් දුම් දමා
රන් සිනා පාමි පූජාසනේ...
ස්නේහයේ...
මේ නවාතැන් ගෙවා ආත්මයේ
යනතුරා මිලින වී මතුදිනේ
සෙනෙහසේ සිහි නමින්
දොවන සේ යදිමි මා
පූජනීයයි උතුම් ආදරේ...
Sunday, July 24, 2011
Thursday, July 7, 2011
Malak Une ayi nuba mata

ජීවිතයට සුවද සලන..
එනමුදු සිප ගන්නට තහනම්..
විලක් වුණේ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින..
දිය දෝතක් බොන්නට තහනම්..
පහන් තාරකාවක් සේ ජීවිතයට මග කීවද
ඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසින්..
කියන්න.. මලක් වුණේ...
සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිව්වද
ඒ ගීයේ සොදුරැ වදන්
මුමුණනු කෙලෙසින්..
කියන්න.. මලක් වුණේ...
Subscribe to:
Posts (Atom)