Showing posts with label Chandrasena Hettiarachchi. Show all posts
Showing posts with label Chandrasena Hettiarachchi. Show all posts

Tuesday, April 2, 2013

Apasu Yannata Para Kiyanawada - Chandrasena Hettiarachchi | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4


ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි
ආයෙත් දවසක අප හමුවන්නට
කළ පින් මදිද සිතෙයි...

යොදුන් ගණන් දුර ආවෙද පසුකර
මල් මාවතක නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

කල්ප කාලයක්‌ පෙරුම් පිරූවේ
හෙට සමුගන්න නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

පද මාලාව - හේසල ගුණතිලක
ගී තනු - ස්‌ටැන්ලි එම්. ප්‍රනාන්දු
ගායනය - චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි


ආදරේ වැඩි වෙන්න වැඩිවෙන්න පෙම්වතුනට එකිනෙකා ගැන සැක සිතෙනවා. ඒ සැකයන්ගේ කිසිම ඇත්තක්‌ නෑ. ඒ බව ඔවුනොවුන් දන්නවා. ඒත් දෙදෙනාටම දෙදෙනා කෙරෙහි ඇති බැඳීම, ආදරය වැඩි වෙන්නත් මෙය බලපානවා... සමහර වෙලාවටම ආදරය වේදනාවෙන් නිම වෙන්නෙත් මේ සැකය නිසායි.

තමන් ආදරය කරන පෙම්වතියගේ හැසිරීම් රටාව.. ඇගේ දෙමව්පියන්ගේ ප්‍රතිචාර නිසා ඈ තමා හැර යන්නට සූදානම් බව පෙම්වතාට හිතෙනවාර අනන්තයි අප්‍රමාණයි. ඒත් ඒක සැකයක්‌ විතරයි.

Wednesday, September 12, 2012

Dura Atha Atheethaye - Chandrasena Hettiarachchi | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4

දුර ඈත අතීතයෙ
ඔබ හා ඇවිද ගොසින්
ආසයි ආ මඟ ආයෙත් එන්නට
අප පෙම බිඳුණු තැනින්...

ඔබ සිත මා සිත දෙලොවක රැඳුනා
නොසිතූ නොපැතූ ලෙසින් ගැටී
එනමුදු තාමත් සිහින මැවෙනවා
මතකය හදවත පතුලෙ රැඳී...

බොළඳ සිහිනයකි මා සිත දකිනා
සැබෑ ලොවක ඉටු නොවනු ඇතී
ආසයි එනමුදු නැවත දකින්නට
ඒ සිහිනේ... සැරිසරමු අපී...


පද මාලාව - හේසල ගුණතිලක
ගායනය - චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි





දුර ඈත අතීතයට අපිට ආයෙත් යන්න ඇත්නම්... කවුරුත් ඒකට ආසාවෙයි. එතකොට අපිට පුළුවන් අපෙන් වූ වැරැදි, ජීවිතයේ ඇතිවූ ගැටුම් මඟහැර අලුතෙන් ආයෙත් ජීවිතය ගෙන එන්න. ඒත්... ඒත්... ඒක කවදාවත් සිදු නොවන දෙයක්‌. අපිට ආයෙත් ඇත්තටම අපේ ළමා කාලයට, අතීතයට යන්න බැහැ. පුළුවන් වෙන්නේ මතකය විතරක්‌ ඈතට අරගෙන යන්න විතරයි.

Monday, September 12, 2011

Sellam ge Palu wela - Chandrasena Hettiarachchi | Story | Lyrics | Meaning

සෙල්ලම් ගේ පාලු වෙලා බෝනික්කා තරහ වෙලා
කෝම් පිට්ටු මලිගාව කැඩිලා ගිහිල්ලා
ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ...//

චන්ඩි කමට රංඩු කරලා අම්මා එක්ක තරහ වෙලා
තාත්තගේ ඔඩොක්කුවේ හුරතලේට වාඩිවෙලා...//
හබුං කටයි බත් දෙකටයි කිව්ව පුතා නෑ
පුංචි පුතා සීයලාගේ ගෙදර ගිහිල්ලා...//

බිංකුණ්ඩෝ බිම නටවල වැලි සෙල්ලම් බතක් උයපු
හඳ මාමා රන් තැටියට කිරියි පැණියි ගෙනත් කවපු...//
අතුරු මිතුරු දඹදිවතුරු රාජකපුරු නෑ
පුංචි පුතා සීයලාගේ ගෙදර ගිහිල්ලා...//

පද මාලාව හා සංගීතය - විශාරද උපුල් පෙරේරා
ගායනය - චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි