Showing posts with label Jagath Wickramasinghe. Show all posts
Showing posts with label Jagath Wickramasinghe. Show all posts

Saturday, August 20, 2011

Obe Sina Laga Netha newthuna da

ඔබේ සිනා ළග
නෙත නැවතුන දා
ඔබේ කත ළඟ
සිත නැවතුන දා
ප්‍රේමය හැදින්නෙමි...//
මේ ලෝ තලයේ...

කුමටද උපමා ඉතිහාසේ උන්
ප්‍රේමවන්තයන්ගේ...
කුමටද ආදරයේ පෙම් සැමරුම්
පෙම් පාරාදීසෙන්...
ඉමක් කොනක් නැති ආකාසේ
තරු පායා එන සේමා...
ඉමක් නිමක් නැත
පෙම් හදවත් තුළ
පෙම් සිතුවිලි බෝමා...


Saturday, August 13, 2011

Tharu Pipuna Gana Ahasa

තරු පිපුණ ගණ අහස මම නමි
ඒ අහසේ පුරා හඳ වෙන්න සුදු රුවනි
වැසි නොවට මරු කතර මම නම්
ඒ පොළොවේ දිය බිඳුව වෙන්න සුදු රුවනි

හද පෙළෙන චණ්ඩ රළ මම නම්
ඒ නදියෙ නිසල දිය වෙන්න සුදු රුවනි
ප්‍රේමය අහිමි හඳ මගේ නම්
ඒ හඳට ආදරය දෙන්න සුදු රුවනි

නෙතු පෙළෙන කැල්මේ
සිනා සඳ පානේ...
ඔබ ඇවිත් මගෙ ලගින් ඉන්නවා වගේ දැනෙයි...
ඒ බලන බැල්මේ හදක හසරැල්ලේ
අපි හඩින් බැඳුණු වග ලෝකයා නොම දනී...

තරු පිපුණ...

ජීවිතය අතරේ ආදරය නැවතී
පෙම් කවක් සදාතන හදට කොඳුරාවී
මේ ගී ගායනා ආල හද වේදනා
මහ බඹුන් හෙට දිනේ අප නමින් ලියා වී...
තරු පිපුණ ගණ....

Saturday, July 9, 2011

Isuru kodewwe


ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
අතීතයේ ඇදි පෙම් සිතුවිලි
බොද කරලන්නට ඇයි ඔබ සිතුවේ
මකා දමා දෙසිතක සටහන්

වියකී යන්නට සැරසුණු මල දැක
හිත හැඩුවා මුළු ලොවට හොරෙන්
සමුගෙන යන්නෙමි යලිත් නො එන්නට
මලේ සුවද ගෙන මලට හොරෙන්

ඉසුරු කොදෙව්වේ...

යලිදු පතන්නට පැතුම් පෙලක් නැත
හිත හැඩුවා මුලු ලොවට හොරෙන්
සමුගෙන යන්නෙමි යලිත් නො එන්නට
ඔබේ සුවද ගෙන ඔබට හොරෙන්

ඉසුරු කොදෙව්වේ...