Sunday, September 25, 2011

Dewa Mandire


දේව මන්දිරේ...
වැතිරී බැතියෙන් පුදසුන අබියස
ආයාචනා කරමි දැවෙන සිතේ
සංකා සෝ දුක් නිවන ලෙසේ

අපටම වෙන්වුණු අපගේ ලෝකය
යදම් පවුරු ලා දොරගුළු ලා ඇත...
දෙතැනක තනිවුණු දෙසිතක සෙනෙහස
කවදා හමුවේදෝ

දේව මන්දිරේ...

සෙනෙහස බැඳ දා ඉවත බැලූ සඳ
ඈ තනිවෙනවා රුදුරු ලොවේ අද
පහන් හැඟුම් අප හමුවන දින
කවදා ලංවේදෝ

දේව මන්දිරේ...


Karadiya Gebare

කරදිය ගැඹරේ තුන්යම ගෙවුණේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත්පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ...

අව්වට වැගිරෙන දාඩිය වැස්සේ
කළුගල් තලලා මහ මං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්නයි
කිරිකැටි පුතුනේ...

කරදිය ගැඹරේ...

දුම් රොටු අතරේ කම්හල් ඇතුළේ
දැතිරෝදෙට ගත ජීවය දුන්නේ...
නව මිනිසකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ...

කරදිය ගැඹරේ...

Wednesday, September 14, 2011

Obata Sitha Adare Karai

ඔබට සිත ආදරේ කරයි - දෙතොල ගොළුවී සිටියි
නැගුනු සෙනෙහේ කියනු බැරිවී
මගේ සිත වේදනා විඳියි...//

ලවන් හසකැන් නුවන් කැල්මන් - හොඳින් හඳුනන්නෙ ආදරේ
නුවන් රැහැනින් බැඳෙන්නට පින් - නොමැතිදෝ මා කෙරේ
මගේ විජිතේ සිනා නොමැකේ - විඩාපත් වේද ජීවිතේ
ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ - නවාතැන් වේද මාවතේ

ඔබේ පෙම් ලොල් හදේ නොකැලැල් - ලැගුම් සොයමින් නුවන් අයා
යොවුන් බිඟුදැල් හෙලූ හසරැල් - මසිත සුසුමන් දවා ගියා
මගේ විජිතේ සිනා නොමැකේ - විඩාපත් වේද ජීවිතේ
ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ - නවාතැන් වේද මාවතේ

Mulu Lowa Magen asawee

මුළු ලොව මගෙන් අසාවී - ඔබ ගැන කුමක් කියම්දෝ...
මගෙ සිත මගෙන් අසාවී - ඔබ ගැන කුමක් කියම්දෝ...

මට වේදනා නොදුන්නැයි - කීවත් කුමක් කියයිදෝ
ඔබ මට දුකක් නොදී යයි - කීවත් කුමක් කියයිදෝ
මා හද  ලෙයින් ලියූවත් - ලොව මට කුමක් කියයිදෝ

මුළු ලොව මගෙන් අසාවී...

ඔබ ගැන කීවා නොකීවත් - මිනිසුන් සිනා නොවෙයි දෝ...
ඔබ නිවැරදියි කියූවත් - මිනිසුන් කතා නොවෙයි දෝ...
ඔබ යළි මගේම වූවත් - මිනිසුන් කුමක් කියයිදෝ

Tuesday, September 13, 2011

Me bus newathuma


මේ බස් නැවතුම පෙර හැම දිනකම
අප හමුවන බව දැන උන්නේ...
ඔබ සමුගෙන බව මා තනිවුණු බව
බස් නැවතුම තව නෑ දන්නේ...

ඉස්සර හවසක මා එනතුරු ඔබ
මෙතැනම හිටියා දෙනෙත් අයා
එකම රියක නැග එකම අසුනෙ හිඳ
ගිය හැටි මතකයි තවම එදා...

මේ බස් නැවතුම...

ප්‍රේමය නිමවුණු මා අද තනියම
මෙතැනින් රියකට ගොඩ වෙනවා
ඒ රියහිම ඔබ තව කෙනෙකුන් ළඟ
එකම අසුනෙ ඉඳගෙන යනවා...
මේ බස් නැවතුම...





Monday, September 12, 2011

Sellamge Palu wela

සෙල්ලම් ගේ පාලු වෙලා බෝනික්කා තරහ වෙලා
කෝම් පිට්ටු මලිගාව කැඩිලා ගිහිල්ලා
ගේත් එක්ක පාළුවෙලා පුංචි පුතා නෑ...//

චන්ඩි කමට රංඩු කරලා අම්මා එක්ක තරහ වෙලා
තාත්තගේ ඔඩොක්කුවේ හුරතලේට වාඩිවෙලා...//
හබුං කටයි බත් දෙකටයි කිව්ව පුතා නෑ
පුංචි පුතා සීයලාගේ ගෙදර ගිහිල්ලා...//

බිංකුණ්ඩෝ බිම නටවල වැලි සෙල්ලම් බතක් උයපු
හඳ මාමා රන් තැටියට කිරියි පැණියි ගෙනත් කවපු...//
අතුරු මිතුරු දඹදිවතුරු රාජකපුරු නෑ
පුංචි පුතා සීයලාගේ ගෙදර ගිහිල්ලා...//

Ma ahase Liyu de

මා අහසේ ලියූ දේ
පෙනුණේ නුඹට විතරමයි
මා සුළඟට කියූ දේ ඇහුවේ
කවුද නුඹ තමයි...
එහෙව් නුඹට නොදැනුණේ...
නුඹට දුන්න හිත තමයි...
මගේ කියා මට තිබුණෙත්
ඒ එක හිත විතරමයි...
විතරමයි... විතරමයි...
ඒ එක හිත විතරමයි...

ප්‍රාර්ථනා මහ කන්දේ
කළුවර පාමුල උන්නේ මං
නුඹේ නුරා තරු එළියේ
කඳු මුදුනට ගෙන
නොගියා නම්...
අදත් මා හිඳීවී තවත් නුඹ පතාවී
නුඹ ගැනම හිත හිතා ඉන්නට...
හිතවත් මට තියේවී... මා අහසේ...
විතරමයි... විතරමයි...
ඒ එක හිත විතරමයි...