Showing posts with label Bandara Athauda. Show all posts
Showing posts with label Bandara Athauda. Show all posts

Sunday, July 17, 2011

Kohe yannada

කොහේ යන්නද
කොහේ ඉන්නද
ඔබත් ඇසුවා මගෙන්.......
මමත් ඇසුවා ඔබෙන්......

මං මුලාවී ජීවිතේ අපි
ළං වෙලා ඉමු මේ ලෙසින්
තවත් පෙම්වතියන් පෙම්වතුන්
එනතුරා මේ මාවතේ
ගමන් මග විමසා අපෙන්...

මේ ලෙසින් සසරේ පුරා අපි
ළං වෙලා සිටියේ හදින්
හෙටත් අද වාගේ..... බලා හිඳිමු
සිත් සතන් නැති ලෝකයා
පෙම් සුවේ දකිනා තුරා.....

කොහේ යන්නද.....

Thursday, July 7, 2011

Sihinayaki oba nihada mediyam re

ම්... ම්...
හා... හා...
සිහිනයකි ඔබ නිහඩ මැදියම් රැ
නිදන නෙත් යුග සනසනා...
සිතුම් රැළි ඔබ තනිව හිදි වේලේ
නිහඩ මා හද සනසනා...

ඉරකි ඔබ මට සදෙකි ඔබ මට...
කිසිදු කිසි විට සමුන්ගන්නා
සයුරු රළ ඔබ ඈත සමුදුර
සයුරු තෙර මා හමු වුණා...

සිහිනයකි...

යුග ගණන් අප වෙන්ම ආ මග සොදුරු
නිම්නෙක එක්වෙලා...
දුක් සුසුම් පිරි අපේ ලොව තුළ
සිනා මල් පෙති විසිරිලා...

හිරුට තනි නෙත සදුත් නැත තනිවී
එකම අහසක හමුවෙලා....
ලොවම සසලව බලා සිටියාවේ
යළිදු අප ඇත ළංවෙල... ම්... හා...