Monday, February 3, 2014

Eda Medha Thura

එදා මෙදාතුර කඳුලට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා...

මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා...

දෑස් කවුළුපත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්....

ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගෙ හිතටති ඔබ සුවඳයි
ඈත්නොවේමෑයි ඒ සුවඳින්...

ඊයේ ඉපදී අද මියයන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ...

ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත...
ඇයි මේ ලොව මා තනිව ගියේ...
ආයේ දවසක එක හිත් ඇත්තන්
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ.....

ගායනය / තනුව: සනත් නන්දසිරි
ගී පද : විමල් ජයශාන්ත

දවසක් සංගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බ වෙන්න තරුණයෙක් එනව. දන්න විදිහට දුම් රියපලක ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළි කීපයක් ලියුව කඩදාසියක් සනත් නන්දසිරි මහත්මයට දීලා කියල තියෙනව "මහත්මයෝ මේ මම ලියන අන්තිම සින්දුව. මම ආයෙත් සින්දු ලියන්නෙ නැහැ. පුලුවන්කමක් තියෙනවනම් ඕක කියන්න" ය කියල. සනත් නන්දසිරි හොඳින් පැදි පේලිය කියවලා අහනවා "ඇයි මේ වගේ දෙයක් ලියන්න හේතුව" කියල. පිළිතුර වෙන්නේ "ඕක මගේ ඇත්ත අත්දැකීමක්" යන්න පමනයි.