
කුලගෙට ආ රූපිකාව
පාළු ලොවක තනිකරදා
දියඹට යනවා...
කුස ගින්දර නිවා ගන්න
දියඹට යනවා...
හෝ... හෝ... හෝයියා...
රැල්ල බිඳින අඳෝනාව
ජීවන මලපොත කියවයි
නිම් නැති නිම් වළලු පෙලේ
සම්පත ඇය සැනසුමයි
ඇය මට අත වනනු පෙනේ
ඉවුරු කොනේ තොටුපලේ...
හෝ... හෝ... හෝයියා...
අදුර බිඳින තාරකාව
කළු ලන්තෑරුම් එළියයි
ඔරුකද ඇතුලේ දැනුනේ
ඊයෙ ලද උණුසුමයි
ඇය මට අත වනනු පෙනේ
ඉවුරු කොනේ තොටුපලේ...
හෝ... හෝ... හෝයියා...