Monday, February 3, 2014

Eda Medha Thura

එදා මෙදාතුර කඳුලට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා...

මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා...

දෑස් කවුළුපත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්....

ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගෙ හිතටති ඔබ සුවඳයි
ඈත්නොවේමෑයි ඒ සුවඳින්...

ඊයේ ඉපදී අද මියයන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ...

ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත...
ඇයි මේ ලොව මා තනිව ගියේ...
ආයේ දවසක එක හිත් ඇත්තන්
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ.....

ගායනය / තනුව: සනත් නන්දසිරි
ගී පද : විමල් ජයශාන්ත

දවසක් සංගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බ වෙන්න තරුණයෙක් එනව. දන්න විදිහට දුම් රියපලක ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළි කීපයක් ලියුව කඩදාසියක් සනත් නන්දසිරි මහත්මයට දීලා කියල තියෙනව "මහත්මයෝ මේ මම ලියන අන්තිම සින්දුව. මම ආයෙත් සින්දු ලියන්නෙ නැහැ. පුලුවන්කමක් තියෙනවනම් ඕක කියන්න" ය කියල. සනත් නන්දසිරි හොඳින් පැදි පේලිය කියවලා අහනවා "ඇයි මේ වගේ දෙයක් ලියන්න හේතුව" කියල. පිළිතුර වෙන්නේ "ඕක මගේ ඇත්ත අත්දැකීමක්" යන්න පමනයි.

Friday, January 31, 2014

Thuruliya Nisalai

පි: තුරුලිය නිසලයි - වැව් දිය සසලයි
     තනිකම ඉවුරු බිඳියි
     මග අතරමංව හිඳිමි
     ඔබ කොහිද කොහිද සොයමි

ගැ: ඔබ ළඟම ළඟම හිඳිමි

ගැ: සසර පුරා සුවඳ සරා
      ඔබම ළඟම රැඳෙමි
      ඔබ කොහිද කොහිද සොයමි

පි: ඔබේ සුසුම් සුවඳින් පෑරී
    වෙල් ඉපනැල්ලේ පවන් සළයි
    ගංදොර සුහුඹුල් මතකය වැළපී
    සිත මා තෙමා වැටෙයි
    ඔබ කොහිද කොහිද සොයමි

පි: ඔබේ සුරත් පහසින් ගිලිහී
    ලියගොමු ලන්දේ සොවින් සැළෙයි
    තණපත් මුතුපිණි කඳුළින් බරවී
    ඔබ පා පහස පතයි
    ඔබ කොහිද කොහිද සොයමි

ගැ: ඔබ ළඟම ළඟම රැඳෙමි

හදවතින්ම ආදරය කරන කෙනෙක්‌ වෙන් වුනොත්... නැත්නම් මිය ගියොත්... දැනෙන වේදනාව... වචනවලට පෙරළන්න පුළුවන්ද.... බැහැ... මුළු ලෝකයම හිටියත් වැඩක්‌ තියේද... ඇය... ඔහු නැති ජීවිතය... තනිකම පාලුව ඉවසන්න බැහැ....

Me Anantha Rathriye

මේ අනන්ත රාත්‍රියේ
සඳේ නුඹ කොහේ
තාරුකා කියන්නකෝ
නිදන්නෙ ඈ කොහේ

අඳුරේ ගිලී නොපෙනී ගියේ
සුසුමයිලු මා ඇගේ
යුග නෙත් මගේ කඳුළින් තෙමී
තනිවේද මා අනේ

ජීවිතේට මං කියූ තාරකාවියේ
දැන් ඉතින් නුඹත් ගියා
කලුවරයි අනේ
අම්බරේහි සඳ නොවී
එළිය දුන් ලියේ
දැන් ඉතින් නුඹත් ගියා
කලුවරයි අනේ




හුඟ දෙනෙක්‌ ආදරය කරන්නේ ඔවුනොවුන් එකිනෙකාට අයිතියි කියා හිතලා... ඒත්... මේ ආදරවන්තයන් බොහෝමයක්‌ම අයිති ඔවුන්ට නොවෙයි. වෙනත් අයට ඒ නිසා සමහරවිට මේ අය අසම්මත පෙමක රස බලන්නන්. ඒත් ආදරය කියන්නේ වෙන් වෙන්න පුලුවන් බැඳීමක්‌ද එය හරිම අමාරුයි තේරුම් ගන්න.