ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එළඹිලා නා ගසක් දළුදමා වසන්තය එළඹිලා යුග ගණන් පැමිණි මග පැටලිලා වැරදිලා අහස්තල පොළෝ තල ඔබට මට පොදුවෙලා ගේය පද -ප්‍රේමකීර්ති ද අල්විස් |
|
|
ගීතයකට වැඩියමක් blog brings you the Story behind the Sinhala songs which have written in 70-90 decades. Story of Sinhala Songs with Lyrics, meaning and music Video from a single blog.
Showing posts with label Victor Rathnayake. Show all posts
Showing posts with label Victor Rathnayake. Show all posts
Friday, June 30, 2023
Sasara Seri Sarana Thek Oba Mage - Victor Rathnayake | Story behind the Sinhala songs
Tuesday, April 16, 2013
Thani Wennata Mage Lowe | Victor Rathnayake | Story | Story behind the song | Lyrics | Meaning | Video | MP4
තනි
වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්... සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදො අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ... මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ සෝ ගීයකි දුක්‌බර වූ සැනසුම කොහි වේදො... පද රචනය - බුද්ධදාස ගලප්පත්ති සංගීතය - රෝහණ වීරසිංහ ගායනය - වික්ටර් රත්නායක |
|
ප්‍රේමයෙන් ජය ලැබුවෝ කී දෙනෙක් ඇත්ද? ඒත් වැඩිපුරම ඉන්නේ
පරාජිත පෙම්වතුන්. ඒක තමයි ඇත්ත. ප්‍රේම කරන එකත් සටනක් වගේ.
අවි ඔසවාගත් සතුරන් කී දෙනෙක් පෙම්වතුන්ට එරෙහිව නැගී
සිටිනවාද? මේ සටනින් ජය ගන්නා එක හරිම අමාරු දෙයක්.
|
Friday, August 10, 2012
Sada Ken Wesila Adure Ethila
සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
ගණඳුරු රෑ - තනිකම නෑ සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි
ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනුදැනේ
මා නැත අන් සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා
ගායනය: වික්ටර් රත්නායක
ගේය පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක

ලොව
ගැහැණු මිනිස් සබඳතා ඇරඹෙන්නේ මිනිසුන් පෘථිවිය මත වාසය ඇරඹු දා පටන්ය.
උල් කෝටුවකින් දඩයම් කොට සතුන් මරා කෑ වනචාරී යයි හැඳින්වෙන යුගයේ පටන්
අන්තර්ජාලය හරහා පීට්සා ඇණවුම් කරන අද දවස දක්වා ඒ සබඳතාව අනේකවිධාකාරයෙන්
සංකීර්ණ වෙමින් ශිෂ්ටාචාරයට අත්‍යවශ්‍ය සාධකයක්ව මහඟු මෙහෙවරක් ඉටුකරයි.
ආදම් හා ඒවගෙන් ඇරඹී සිද්ධාර්ථ-යසෝදරා, මාක් ඇන්ටනී-ක්ලියෝපැට්රා,
අරවින්ද-බතී, රෝමියෝ-ජුලියට්, දුයිෂෙන් -අල්තීනායි, සිරිපාල-රන්මැණිකා,
බිල් ක්ලින්ටන්- මොනිකා ලෙවෙන්ස්කි, දම්මි-සුගත්, අභිෂේක්- ඓශ්වර්යා
දක්වාත් ඉන් ඔබ්බටත් සැබෑ හෝ පරිකල්පිත සියළු චරිත අතර මේ සංකීර්ණත්වය යළි
යළිත් ඔප ගැන්වෙයි.
Wednesday, July 25, 2012
Sihil Sulan Ralle
සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දලු සෙලවේ සුදු වැලි කතරේ පිපුණු මල වගේ ලොව්තුරු රස ගංගා ඔබේ ආදරේ වරුසා වැහැලා කතර දෙව් ලොවක් වේ සීත හිමව්වේ කඳුගැට අතරේ සෙනෙහස දිය දහරා ඈත හිමේ කඳු අතරේ පාවෙන අමා සුවය පැතුවේ |
![]() |
Thursday, February 9, 2012
Adaraye Ulpatha wuu Amma
ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ ඔබ මතු බුදු වන දවසේ මා රාහුල කුමරුන් සේ සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි සුළැඟිල්ලේ එල්ලී සඳ දිය කොට කිරි වතුරෙන් ඒ දියරෙන් මුව දෝවා දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන් මතකඉමා නැළැවූවා ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ජීවිතයට කිරි දී පණ දී මා දැඩි කල අම්මා තුරුළට ගෙන අත් පා හැඩ ගස්වා නිදි ගන්වා යහන් ගැබේ සිහිනෙන් ගෑ සුවදක් මෙන් සිහි වෙයි ඒ කිරි සුවඳ ඔබේ දවසින් දවසට සෙනෙහස ළබැදී ගෙන දී දිවියට නව පණ ලැබ දී මා දැඩි කල අම්මා ගායනය: වික්ටර් රත්නායක ගේය පද : ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය : වික්ටර් රත්නායක |
|
Saturday, August 20, 2011
Hitha Gawa daga kala
හිත ගාව දඟ කළා
නෙතු ගාව හිනැහුණා පැතුමකට ඉඟි කළා... හදක ආරාධනා... සන්සුන්වූ කල්පනා විජිතයේ පා වුණා ඔබේ සෙනෙහස ගෙනා... මිහිරි ආරාධනා... මල් පිපුණ තාරකා... විමානේ තනි වුණා... හැගුම් මංමත් කළා... සුසුම් ආරාධනා... හිත ගාව දඟ කළා... සිනිඳු මල් පෙති පුරා... බඹර ගී ලියැවුණා... සිව් නෙතක් ළං කළා... ඔබේ ආරාධනා කුරුළු ගී පාවුණා... නිල් ගුවන් ගැබ පුරා... වසත් කල ළං කළා ස්නෙහ ආරාධනා... හිත ගාව දඟ කළා |
|
|
Subscribe to:
Posts (Atom)